Menu Close

කොරෝනා, MotoGP තරගාවලියටත් හරස් වෙයි.

කොරෝනා වෛරසය නිසා MotoGP තරගාවලියේ පළමු තරග 2 අවලංගු කර තිබෙනවා. ඉතාලියේ සිට පැමිණෙන මඟීන්ට කටාර් රාජ්‍ය තම රටට ඇතුළු වීම තහනම් කර ඇති නිසා පළමු තරගය අවලංගු කර තිබෙනවා.

MotoGP හි ප්‍රමුඛ පන්තියේ ධාවකයින් හය දෙනෙකු ඉතාලියානුවන් වන අතර සමහර කණ්ඩායම් ඉතාලිය පදනම් කර ගෙන තිබෙනවා.

මාර්තු 22 වන තායිලන්තයේ දින පැවැත් වීමට තිබූ දෙවන තරඟයද සංවිධායකයින් විසින් අවලංගු කර තිබෙනවා.

Share with Friends

%d bloggers like this: