Menu Close

ඉඩ්ලිබ් අහසේ ආධිපත්‍යය අල්කයිඩාවේ නිල නොවන නොවන ගුවන් හමුදාව යටතට

මෙම ලිපියේ ශිර්ෂ පාඨය දුටුවිට වැඩිදෙනෙක් පුදුමයට පත් වූවාට සැකයක් නොමැත.සිරියානු අර්බුදය ගැන කිසිවක් නොදන්නා අයෙකුට ඉඩ්ලිබ් යන්න නොහුරු වචනයකි.ඉඩ්ලිබ් යනු වයඹදිග සිරියාවේ පිහිටි නගරයකි.එම නගරය ඇතුලුව සැලකිය යුතු භූමි ප්‍රමාණයක් දැනට පාලනය කරන්නේ සිරියාවේ නීත්‍යානුකූල රජය පෙරළා දමන්නට සටන්වැදී සිටින සටන්කාමීන් සහ ත්‍රස්තවාදීන් කණ්ඩායම් විසින්ය.

සිරියානු අර්බුදය ගැන කණින් කොනින් අසා ඇති අයෙකුට අල්කයිඩා සංවිධානය සිරියාවේ සිටින්නේ කෙසේද යන්න ගැටලුවක් වනු ඇත.ඔසාමා බින් ලාඩන් යටතේ බිහි වූ අල්කයිඩා ත්‍රස්තවාදී සංවිධානය ඇෆ්ගනිස්ථානයට පමණක් සීමා වූවක් නොවේ.මැදපෙරදිග,අප්‍රිකාව,අග්නිදිග ආසියාව වැනි කලාපවල එය ක්‍රියාත්මකයි.

අරාබි වසන්තය,බොහෝදෙනෙකුට දැන් අමතකය.එහි කොටසක් වශයෙන් තමයි සිරියාවට ප්‍රජාතන්ත්‍රවාදය ලබා දීමට එක්සත් ජනපදය ප්‍රමුඛ බටහිර රටවල්,මැදපෙරදිග සිය මිත්‍ර සුන්නි මුස්ලිම් රාජ්‍යයන්ගේද සහාය ඇතිව ව්‍යාපෘතියක් ආරම්භ කරන්නේ.මුලින්ම උද්ඝෝෂණ හරහා සිරියානු පාලක බෂාර් අල්-අෂාඩ් නෙරපා හරින්නට මේ ප්‍රජාතන්ත්‍රවාදය ඉල්ලා සිටින පිරිස උත්සාහ කරනවා.නමුත් අල්-අෂාඩ් සිය බලය අතහරින්නට සූදානම් නොමැති වීම නිසා ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් අවි අතට ගන්නට සිරියානුවන් ක්‍රියා කරනවා.අෂාඩ්ට එරෙහිව කැරලි ගැසීමට වැඩිම පෙළඹවීමක් දක්නට ලැබෙන්නේ එරටේ සුන්නි මුස්ලිම් බහුතරය වෙසෙන ප්‍රදේශවලය.

සිරියාවට ප්‍රජාතන්ත්‍රවාදය ලබා ගැනීමේ බටහිර-අරාබි ව්‍යාපෘතිය සඳහා ලොව පුරා සුන්නි මුස්ලිම් ජාතිකයෝ එක්වෙනවා.ඔවුන් එන්නේ සටන්කරුවන් විදියට.බලන්න ඔවුන් සිරියාවට කොතරම් ආදරේද කියලා.මේ ව්‍යාපෘතියේ සන්නද්ධ අංශය වන්නේ නිදහස් සිරියානු හමුදාව නම් රාජ්‍ය වීරෝධී සටන්කරුවන්ගෙන් සමන්විත කණ්ඩායම.ඔවුන් ක්‍රමයෙන් සිරියානු රජය යටතේ තිබෙන ප්‍රදේශ  අත්පත් කරගන්නේ ඇමෙරිකාව ප්‍රමුඛ බටහිර රටවල සහ අනෙකුත් සූන්නි අරාබි රාජ්‍යයන්ගේ රහසිගත සහාය ඇතිවයි.ඔවුන්ට අවශ්‍ය පුහුණුව,අවි සහ අනෙකුත් මූල්‍යමය ආධාර මෙම රටවල් විසින් සපයන්නේ බෂාර් අල්-අෂාඩ් බලයෙන් පහකර කඩිනමින් සිරියාවට ප්‍රජාතන්ත්‍රවාදය ලබා දීමටයි.වසර කිහිපයක් යද්දී පෙර නොවූ විරූ ආකාරයේ සුන්නි මුස්ලිම් අන්තවාදී ත්‍රස්තවාදී සංවිධානයක් ඉරාකය කේන්ද්‍ර කරගෙන ඉස්මතු වේ.ඔවුන්ද අෂාඩ්ගේ රජයට එරෙහිව සටන් වදින්නට පටන් ගනියි.

කාලයත් සමග නිදහස් සිරියානු හමුදාව අතුරුදහන් වෙයි.දැන් නම් ඒ නමත් නොඇසෙන තරම්ය.ක්‍රමයෙන් වයඹදිග සිරියාව සහ රාජ්‍ය විරෝධී කණ්ඩායම් යටතේ තිබෙන ප්‍රදේශවල පාලනය ජබාත් අල් නුස්රා හෙවත් සිරියාවේ අල්කයිඩා ශාඛාවේ පාලනයට නතුවේ.අෂාඩ් පලවා හැරීමේ අරමුණින් යුතුව සිරියානු ව්‍යාපෘතියට අත ගැසූ රාජ්‍යයන් එය ප්‍රශ්නයක් කර ගන්නේ නැත.ඔවුන්ට අවශ්‍ය කෙසේ හෝ සිරියාවේ වර්තමාන රජය පෙරළා දැමීමටයි.ඒ නිසා ඔවුන් මෙම ත්‍රස්තවාදීන්ට සිය සහාය ලබාදෙයි.

නමුත් මෙම ව්‍යාපෘතියේ පැවැත්මට තීරණාත්මක බලපෑමක් කල හැකි සිදුවීමක් 2015 වර්ෂයේදී සිදුවේ.ඒ වෙද්දී අෂාඩ්ගේ රජය බිද වැටීමට ඉතා ආසන්නයේ පසුවිය.අෂාඩ්ගේ ඉල්ලීමක් මත රුසියාව යුද්ධයට මැදිහත් වේ.සිරියානු අර්බුදය අංශක 180කින් හැරවීමට සමත් වූයේ මෙම සිදුවීමයි.පරාජය වෙමින් සිටි අෂාඩ් රජය පුර්ණ ජයග්‍රහණයක් ආසන්නට ගෙන එන්නට එය හේතු විය.

සිරියාව නිවහල් රාජ්‍යයක් වනු දැකීමට අකැමැති පිරිස තවමත් ඔවුන්ගේ උත්සාහය අතහැර නැති බව පසුගිය පෙරබරවාරි මාසයේදී දැකගන්නට ලැබිණි.තුර්කියේ වර්තමාන ජනපති රිසෙප් ටයීප් එර්ඩොගන් කාලයක පටන් දකින සිහිනයක් වන්නේ ඔටෝමන් අධිරාජ්‍යය නැවත ගොඩනැංවීමයි.ඉඩ්ලිබ් ප්‍රමුඛ වයඹදිග සිරියාව සිය පාලනය යටතේ තබා ගැනීම ඔහුගේ නව ඔටෝමන් රාජ්‍යය සිහින ව්‍යාපෘතියේ එක් අරමුණකි.එම අරමුණ යථාර්තයක් කර ගැනීමට තුර්කිය වසර ගණනක් තිස්සේ සිරියාව තුල ප්‍රොක්සි හමුදා කණ්ඩායම් ගණනාවක් නඩත්තු කරමින් සිටියේය.මෙම කණ්ඩායම්වල බහුතරය ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදී සංවිධානයට පමණක් දෙවැනි වන සුන්නි මුස්ලිම් අන්තවාදීන් සමන්විතය.

තුර්කියේ ඉවසීමේ සීමාව ඉක්මවා ගියේ සිරියානු රජයේ හමුදා වයඹදිග සිරියාවේ මුදානොගත්,සටන්කාමීන් යටතේ තිබෙන භූමිය ක්‍රමයෙන් මුදා ගනිමින් ඉඩ්ලිබ් නගරය ආසන්නයට පැමිණීමත් සමගයි.මුලින්ම එර්ඩොගන් කලේ සිය හමුදාව ඉඩ්ලිබ් වෙත එවීමයි.ඒත් සමග යුදෝපකරණ රැසක්ද සිරියාවේ සිටින සිය ප්‍රොක්සි හමුදා කණ්ඩායම්වලට ලබා දුන්නේය.තුර්කි ප්‍රොක්සි හමුදාවන්හි ගජ මිතුරා වන්නේ කාලයක් ජබාත් අල් නුස්රා නමින් හැඳින්වු,දැන් හයාට් ටරිර් අල්-ෂාම් යනුවෙන් නම වෙනස් කරගෙන සිටින සිරියාවේ අල්කයිඩා ශාඛාවයි.තුර්කිය ලබා දෙන සන්නද්ධ රථ මෙන්ම අනෙකුත් යුදෝපකරණද තුර්කි ප්‍රොක්සි හමුදා කණ්ඩායම් මෙම අල්කයිඩා ත්‍රස්තවාදීන් සමග බෙදා ගෙන තිබෙන අයුරු පසුගිය කාලයේ සමාජ ජාල වෙබ් අඩවිවල සංසරණය වූ වීඩියෝපට සහ ඡායාරූපවල දැකගත හැකිවිය.

සිරියානු රජයේ හමුදාවන් මේ සියල්ල නොසලකා හරිමින් ක්‍රමයෙන් වයඹදිග සිරියාවේ සටන්කාමීන්ගේ අවසන් භූමි භාගය අගලෙන් අගල මුදා ගන්නට විය.ඒත් සමග ජනපති එර්ඩොගන් සිරියානු රජයට පසුබසින්න යැයි අවසන් නිවේදනයක් නිකුත් කලේය.ඔහු පෙබරවාරි මාසය අවසන් වන තෙක් ඊට කාලය ලබා දී තිබිණි.ඒ අතර කාලයේ අල්කයිඩා ත්‍රස්තවාදීන්,තුර්කි ප්‍රොක්සි හමුදා සමග එක්වූ තුර්කි හමුදාව(තුර්කි රජයේ හමුදාව)සිරියානු රජයේ හමුදාවන්ට එරෙහිව ප්‍රහාර එල්ල කිරීම ආරම්භ කලහ.මුලදී ඔවුන්ගේ උත්සාහයන් අසාර්ථක වුවද,තුර්කියේ වෙඩි බලය සහ සිරියානු රජයේ හමුදාවල දුර්වලතා හේතුවෙන් නයිරාබ් ගම්මානය,සරාකිබ් නගරය ආදී ප්‍රදේශ එකිනෙක යළිත් සිය පාලනය යටතට ගන්නට සටන්කාමීන්ට සහ ත්‍රස්තවාදීන්ට හැකියාව ලැබිණි.

තුර්කි සෙබලුන් ත්‍රස්තවාදීන් සමග යුද පෙරමුණට පිවිසීමත් සමග සිරියානු රජයේ හමුදාවන්ගේ ප්‍රහාරවලින් එම සෙබලුන්ටද හානි සිදුවිය.පෙබරවාරි 27දා එල්ල වූ ගුවන් ප්‍රහාරවලින් තුර්කි සෙබලුන් 33 දෙනෙක් මිය ගියේ යැයි තුර්කිය නිවේදනය කලේය.

මෙම සිදුවීමට පෙර පටන් තුර්කිය සිය ඩ්‍රෝන් බල ඇණිය සිරියාවේ රජයේ හමුදා ඉලක්ක වෙත පහරදීම සඳහා භාවිතා කරමින් සිටියේය.නමුත් 27දා තුර්කි සෙබලුන්ගේ මරණත් සමග ඩ්‍රෝන් ප්‍රහාර තදබල ලෙස උත්සන්න විය.

 සිරියානු හමුදාවේ සෙබලුන් සහ යුදෝපකරණවලට පහරදීමට භාවිතා කරන ඩ්‍රෝන් යානා

 

දැන් ඉඩ්ලිබ් අහසේ ආධිපත්‍යය හොබවන්නේ තුර්කිය නම් ආක්‍රමණිකයාගේ ගුවන් හමුදාව විසින්ය.මේ වෙද්දී තුර්කි ගුවන් හමුදාව අල්කයිඩා ත්‍රස්තවාදීන්ගේ නිල නොවන ගුවන් හමුදාව බවට පත් ව තිබෙන බව බැලූ බැල්මට පෙනෙන දෙයකි.

දැන් මෙම් අල්කයිඩාවේ නොනිල ගුවන් හමුදාව කොතරම් ප්‍රබලද යන්න බිම් මට්ටමේ මූලාශ්‍රයකින්ම තහවුරු කරගනිමු.

ඉව්ජෙනි පොඩුබ්නි යනු සිරියානු යුද බිමේ වාර්තාකරුවෙකි.මෙම වාර්තාව ගෙන එන්නේ ඔහුය.

තුර්කි ප්‍රහාරක ඩ්‍රෝන් යානා ඉඩ්ලිබ් අහසේ අරක් ගැනීමත් සමග එම කලාපයේ යුද මෙහෙයුම්වල ස්වභාවය සැලකිය යුතු අයුරින් වෙනස් වී තිබේ.සියල්ල අතිශය අවුල් සහගත වී ඇත.දැන් තනි ඉලක්කයක් පවා අවදානම් සහගතය.උදාහරණයකට මෝටර් රථයක් පවා දැන් තුර්කි ඩ්‍රෝන් ප්‍රහාරවල ඉලක්කයක් වේ.

ඩ්‍රෝන් මෙහෙයුම් සිදු කරන ස්භාවය දෙස බැලීමේදී පෙනී යන්නේ,ප්‍රහාර සඳහා වැය වන වියදම සම්බන්ධව තුර්කියේ තැකීමක් නැති බවයි(එනම් ඔවුන්ට අවශ්‍ය වන්නේ හැකිතරම් සිරියානු සෙබලුන් මරා දැමීම සහ යුදෝපකරණ විනාශ කිරීමයි.සැබැවින්ම තුර්කිය ජයග්‍රහණයේ පිපාසයෙන් පෙළේ).

මේ රථ වාහන පවා දැන් සඟවා තබන්නට සිදුව තිබේ.එසේම ඉදිරි ආරක්ෂක වළලු ආශ්‍රිතව සැරි සැරීම්ද අවම කිරීම හරහා සිදුවිය හැකි හානිද අඩු කර ගත හැකිය.තුර්කි ඩ්‍රෝන් යානා දිවා රාත්‍රී දෙකෙහිම මෙහෙයුම් සිදු කරයි.

සිරියානු හමුදාවට දැන් තිබෙන ලොකුම හිසරදය වන්නේ ගුවන් ප්‍රහාර එල්ල කල හැකි ඩ්‍රෝන් යානා ඉඩ්ලිබ් අහසේ තිබීමයි.පසුගිය දින කිහිපයේ සිරියානු සන්නද්ධ හමුදාවන්ට සිදුවූ සියලු හානිවලට හේතු වූයේ ඩ්‍රෝන් ප්‍රහාරයන්ය.ප්‍රහාර සඳහා යොදා ගන්නා මිසයිල කොතරම් මිල වුවද තුර්කි හමුදාව සැපයුම් රථ පෙළ මෙන්ම තනි ඉලක්ක වන මෝටර් රථ,සන්නද්ධ රථ පමණක් නොව මෝටර් සයිකල්කරුවන් පවා ඉලක්ක කර ඩ්‍රෝන් ප්‍රහාර එල්ල කරයි.

මෙය අපට කීවේ ඉඩ්ලිබ් ඉදිරි ආරක්ෂක වළලුවල සෙබලුන්ය.ඉඩ්ලිබ් අහස තුර්කි ඩ්‍රෝන් යානාවලින් නිදහස් නොකල හොත්,සිරියානු හමුදාව සිය ඉදිරි ආරක්ෂක වළලු තවදුරටත් අල්ලාගෙන සිටීම අතිශය අසීරු වනු ඇතැයි ඔවුන් පැවසීය.

තුර්කි සන්නද්ධ හමුදාවන්ගේ සහාය නොමැතිව සටන්කාමීන්ට කිසිවක් කලනොහැකිය.මෙවැනි වාතාවරණයක් යටතේ සිරියානු හමුදාව තවදුරටත් මෙම ප්‍රදේශ අල්ලාගෙන සිටියහොත් ඔවුන්ට බරපතල හානි අත් වේවි.

ඉහත පවසා තිබෙන දෑ කොතරම් සත්‍යයද යන්න ඔහු ඉදිරිපත් කරන විඩීයෝපටයෙන් තේරුම් ගත හැකිය.වීඩියෝවේ මිනිත්තු 2.13 සිට ඉදිරියට නරඹන්න.

හොවිත්සර,යුද ටැංකි,රොකට් විදින,කුඩා හමුදා කණ්ඩායම් ඉලක්ක කර ඩ්‍රෝන් ප්‍රහාර එල්ල කරන අයුරු එහිදී ඔබට දැකගන්නට පුළුවනි.එක් සෙබලුන් කණ්ඩායමක් දෙවරක්ම ඉලක්ක කරන අයුරුද අවසන් කොටසේ ඇතුලත්ය.

%d bloggers like this: