Menu Close

ඇමෙරිකා-තලෙයිබාන් සාම ගිවිසුම

afghanistan-taliban-sign-deal-america-longest-war

එක්සත් ජනපදය සහ තලෙයිබාන් සංවිධානයේ නියෝජිතයෝ පසුගිය පෙබරවාරි 29දා දෝහා නගරයේ ෂෙරාටන් හෝටලයේදී හමුවී ඇෆ්ගන් සාම ගිවිසුමට අත්සන් තැබීය.ඔවුන් මේ එකඟතාවයට කැමැත්ත පළ කලේ මාස 18ක් තිස්සේ සිදු කල සාකච්ඡාවලින් පසුවයි.

ගිවිසුමට අත්සන් තැබුවේ ඇෆ්ගනිස්ථානය සඳහා වූ ඇමෙරිකානු සාම නියෝජිත සල්මයි කලිල්සාඩ් සහ තලෙයිබාන් සංවිධාන සම-ආදි කතෘ සහ කටාර් හි තලෙයිබාන් කාර්යාලයේ ප්‍රධානී මුල්ලා අබ්දුල් ගානි බරාඩර්ය.

පෙබරවාරි 22දායි ආරම්භ වූ සතියක් දිග ප්‍රචණ්ඩත්වය අඩු කිරීමේ සාර්ථක කාල වකවානුවත් සමග මෙම එකඟතාවයට එළඹිණි.

මේ  දක්වා ගිවිසුමේ තොරතුරු මාධ්‍ය වෙත මුදා හැර නොමැත.

ලැබෙන තොරතුරු අනුව,ගිවිසුම සැලසුම් කල පරිදි ක්‍රියාත්මක වුවහොත් මාස් 14ක් ඇතුලත ඇෆ්ගනිස්ථානයේ සිටින ඇමෙරිකාව ප්‍රමුඛ රටවල හමුදා සෙබලුන් ඉවත් කර ගනු ඇත.දැනට එරටේ රදවා සිටින ඇමෙරිකානු සෙබලුන් ගණන 13,000ක් පමණ වේ.මුල් දින 135 තුලදී එම ගණන 8,600 දක්වා අඩු කරනු ඇතැයි සඳහන් වේ.මාස 14ක් ඇතුලත ඇෆ්ගනිස්ථානයේ සිටින ඇමෙරිකානු සහ නේටෝ සෙබලුන් සියලු දෙනා ඉවත් කරගෙන ඔවුන්ගේ කඳවුරුද වසා දැම්වේවි.

මෙම ගිවිසුම හරහා ඇෆ්ගනිස්ථානයේ දේශපාලන ප්‍රචණ්ඩත්වය අවසන් වීමත්,ඇමෙරිකානු සෙබලුන් නිවස් බලා ඒමත් සිදුවනු ඇතැයි ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් පැවසීය.

ඇමෙරිකානු-තලෙයිබාන් සාම ගිවිසුම හරහා එක්සත් ජනපදයේ දිගුම යුද්ධය අවසන් වීමට ආසන්න වෙමින් තිබේ.2001 සැප්තැම්බර් 11දා එක්සත් ජනපදයට එල්ල වූ ප්‍රහාරයට ප්‍රතිචාර වශයෙන් ඇෆ්ගනිස්ථානයට බෝම්බ හෙළන්නට ජනපති ජෝර්ජ් ඩබ්ලිබ් බුෂ් නියෝග කිරීමෙන් පසුව මේ දක්වා වසර 18කට වැඩි කාලයක් එක්සත් ජනපද හමුදා එහි රැඳී සිටිති.

source:southfront.org

%d bloggers like this: