Menu Close

අන්තර් සමාජ රග්බි පිටියේ යුධ, නාවික අණසක පතුරුවයි.

අන්තර් සමාජ ලීග් රග්බි තරගාවලියේ ගෙවුණු සති අන්තයේ පැවති තරග කිහිපයකින් යුද හමුදා ක්‍රීඩා සමාජය සහ නාවික හමුදා ක්‍රීඩා සමාජය ජය වාර්තා කිරීමට සමත් වුණා.

සමස්ත කණ්ඩායමවල ප්‍රසාද ලකුණු සටහනේ අවසන් ස්ථානයෙහි රැඳී සිටින ගුවන් හමුදා ක්‍රීඩා සමාජය සහ නාවික හමුදා ක්‍රීඩා සමාජය අතර තරගය රත්මලාන ගුවන් හමුදා ක්‍රීඩා පිටියේදී මුණ ගැසුණු අතර එම තරගයෙන් ලකුණු 24-21ක් ලෙස ජය වාර්තා කරන්නට නාවික හමුදා ක්‍රීඩා සමාජය සමත් වුණා.

මෙම තරගයේ පළමු අර්ධය අවසන් වන විටම ලකුණු 8-12ක් ලෙස පෙරමුණ ගන්නට නාවික හමුදා කණ්ඩායම සමත් වූයේය. මුල් අර්ධයේදී ලබාගත් ඉදිරිය දෙවන අර්ධයේදී ඉදිරියට රැගෙන ඒමට නාවික හමුදාවට හැකිවිය.

යුද හමුදා ක්‍රීඩා සමාජය සහ සී.එච්.ඇන්ඞ් එෆ්.සී. ක්‍රීඩා සමාජය අතර තරගය වැලිසර නාවික හමුදා පිටියේදී පැවති අතර එම තරගයෙන් ලකුණු 27ට 25ක තියුණු ජයක් වාර්තා කරන්නට යුද හමුදා ක්‍රීඩකයෝ සමත් වුණා.

තරගයේ පළමු අර්ධයේදී දෙපිළෙන්ම ඉතා උණුසුම් තරග රටාවක් පෙන්නුම් කළ අතර ඒ අනුව පළමු අර්ධය ලකුණු 10-10ක් ලෙස සමව අවසන් විය. නමුත් දෙවන අර්ධයේදී යුද හමුදා ක්‍රීඩක ටොමාසී කකුසාගෙන් කැපී පෙනෙන ක්‍රීඩා විලාසයක් පෙන්නුම් කළ අතර තරගය අවසන් වනවිට කකුසා උත්සාහක දිනුම් දෙකක් වාර්තා කරගන්නා ලදී.

කණ්ඩායම් ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ තවදුරටත් රැක ගන්නට මහනුවර ක්‍රීඩා සමාජය සමත්ව සිටියි.

Share with Friends

%d bloggers like this: