Menu Close

“සිරියාව රුසියාවට සොහොන් බිමක් වේවි” ඉස්තාන්බුල් හි රුසියානු තානපති කාර්යාලය ඉදිරිපිට තුර්කි විරෝධතා

අන්තවාදීන්ට පක්ෂපාතී තුර්කි ජාතිකයෝ පිරිසක් පෙබරවාරි 28දා රාත්‍රියේ ඉස්තාන්බුල් හි රුසියානු මහ කොමසාරිස් කාර්යාලය ඉදිරිපිට උද්ඝෝෂණයක නිරත විය.ඉඩ්ලිබ් හි යුද මුක්ත කලාපයට ගුවන් ප්‍රහාර එල්ල කිරීම සම්බන්ධයෙන් ඔවුහු රුසියානු හමුදාවට චෝදනා එල්ල කලේය.

උද්ඝෝෂණකරුවන්ගේ පැත්තට කතා කල මහාචාර්ය  සෙස්ගින් චෙලික් පැවසුවේ සිරියාවේදී සිදුවූ තුර්කි හමුදා මරණවලට බෂාර් අල්-අෂාඩ් රෙජිමය සහ රුසියාව වග කිවයුතු බවයි.

“රුසියාව මිනීමරුවෙක්,පුටීන් මිනීමරුවෙකි,මිනීමරු පුටීන් දඬුවම් ලැබිය යුතුය,සිරියාව රුසියාවට සොහොන් බිමක් වේවි” යනුවෙන් උද්ඝෝෂකයෝ කෑගැසූහ.

එනමුත්,තුර්කි ආරක්ෂක අංශ ,තානාපති කාර්යාලයේ ආරක්ෂාව සඳහා ක්‍රියාමාර්ග ගෙන තිබිණි.මාර්ග බාධක සහ කැරලි මර්ධන ඒකක ගොඩනැගිල්ල අවට රදවා තිබෙන අයුරු දැකගත හැකිවිය.

Syria-will-become-a-grave-for-Russia-Turks-raged-at-the-Russian-Embassy-in-Istanbul

Syria-will-become-a-grave-for-Russia-Turks-raged-at-the-Russian-Embassy-in-Istanbul

Syria-will-become-a-grave-for-Russia-Turks-raged-at-the-Russian-Embassy-in-Istanbul

තුර්කියට ඉඩ්ලිබ් හිදී අහිමි වූ සෙබලුන්ගේ ජීවිත සම්බන්ධව රුසියානු විදේශ අමාත්‍ය සර්ගෙයි ලැව්රොව් පෙබරවාරි 28දා සිය ශෝකය ප්‍රකාශ කලේය.තවද රුසියානු ජනපති ව්ලැඩිමීර් පුටීන්,තුර්කි ජනපති රිසෙප් එර්ඩොගන් සමග දුරකතනය හරහා කතාබහක නියැලී තිබේ.

මීට ප්‍රථමයෙන් සිරියානු අර්බුදය මුල් කරගෙන තුර්කියේ රුසියානු තානාපතිව සිටි ඇන්ඩ්‍රෙයි කර්ලොව් මහතා 2016 වර්ෂයේදී ඝාතනය කෙරුණේ තුර්කියේදීමය.දැන් ඉඩ්ලිබ් ප්‍රශ්නය නිසා වර්තමාන තානාපතිවරයාටද සමාජ ජාලා ඔස්සේ මරණ තර්ජන එල්ල වෙමින් පවතියි.බල කෑදරකමින් පෙළෙන තුර්කි ජනපති එර්ඩොගන් සහ ඔහුගේ අනුගාමිකයෝ මෙවරද සිය සැබෑ මුහුණ ලෝකයා ඉදිරියේ පෙන්වමින් සිටින බව මෙම සිදුවීම් වලින් පැහැදිලිවේ.තවදුරටත් සිරියානු යුද්ධය දිගැස්සවීමට හේතු වී තිබෙන්නේ තුර්කියේ වර්තමාන මැදිහත්වීමයි.

ඇන්ඩ්‍රෙයි කර්ලොව් මහතා වෙඩි තබා ඝාතනය කරන අයුරු

source:rusvesna.su

%d bloggers like this: