Menu Close

සිංහයන් කොදෙව්වන්ගේ සායම යවයි.

සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැති තෙවන එක්දින තරගය තියුණු තරගයකින් පසු ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද(01) සමත් වුණා.

තරගයේ කාසියේ වාසිය දිනු ශ්‍රී ලංකා නායක දිමුත් කරුණාරත්න පළමුව පන්දුවට පහර දීමට තිරණය කළා

ඒ අනුව ශ්‍රී ලංකා ඉනිම අරඹමින් පිටියට පිවිසි දිමුත් කරුණාරත්න සහ අවිශ්ක ප්‍රනාන්දු පළමු කඩුල්ල සඳහා ලකුණු 60ක සබඳතාවක් ගොඩ නැගුවා.

දිමුත් කරුණාරත්න සහ කුසල් ජනිත් පෙරේරා ලකුණු 44ක් රැස් කළා.

කුසල් මෙන්ඩිස් ලකුණු 50ක් රැස්කළ අතර ධනංජය ද සිල්වා රැස්කළ ලකුණු සංඛ්‍යාව 51ක්.

ඒ අනුව ශ්‍රී ලංකාව නියමිත පන්දුවාර 50 අවසානයේ සියලු දෙනා දැවි ලකුණු 307ක් රැස් කර ගත්තා.

ලකුණු 308ක ජයග්‍රාහි ඉලක්කයක් හඹා යෑමට පිටියට පිවිසි බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ ආරම්භක පිතිකරුවන් යුගල ලකුණු 111ක සබඳතාවක් ගොඩ නගමින් ඉනිම ශක්තිමත් කළා.

Share with Friends

%d bloggers like this: