අනුරාධපුරය පළාත් ක්රීඩා සංකීර්ණයේ දී පසුගිය දා (28) ආරම්භ වූ 31 වැනි ජාතික යොවුන් ක්රීඩා උළෙලේ මලල ක්රීඩා තරගාවලියේ දී වසර 18ක් පැරණි වාර්තාවක් බිඳ දැමීමට මීටර 800 ක්රීඩක චන්ද්රකුමාරන් අරවින්දන් සමත් වුණා.
මීටර 800 – වයස 20න් ඉහළ පිරිමි ඉසව්වෙන් එහිදී චන්ද්රකුමාරන් අරවින්දන් විනාඩි 1 තත්ත්පර 54.24කට මෙවර තරගාවලියේ (2019) පළමු ක්රීඩා වාර්තාවට හිමිකම් කිව්වා. ඔහු බදුල්ල දිස්ත්රික්කය නියෝජනය කරමින් තරග වැදුණා.
එම වාර්තාවට මීට පෙර හිමිකම් කියූ කළුතර දිස්ත්රික්කයේ එම්.පී.ඩබ්ලිව්. සිල්වා වසර 2002 දී විනාඩි 1 තත්ත්පර 54.40 කට එහි රන් පදක්කම දිනාගෙන තිබුණා.