Menu Close

                              පරමාණුක බලය පරිසරය රැකීම සඳහා හොඳ විසඳුමක් නොවේ.



Untitledමේ ගැන ලංකාවේ අපද යම් ප්‍රමාණයකින් හෝ දැනගත යුතු වන්නේ, පරමාණුක බල මධ්‍යස්ථානයක් ලංකාවේද ආරම්භ කරන්නේ යයි දූෂමාන ආරංචි ලැබෙන හෙයිනි.

පරමාණුක බලය ගැන විස්තර අන්තර් ජාලයේ සොයා යන විට දහසක් ලිපි කියැවිය හැක. මේ සෑම ලිපියකම අන්තර්ගතය ගැන අපට විශ්වාස කල නොහැක. එහෙත් පිළිගත් ආයතනයකින් ඉදිරිපත් කෙරෙන ප්‍රවෘත්තියක් ගැන සෑහෙන විශ්වාසයක් අපට ඇති කරගත හැක. ලිපිය අවසානයේ අලවා ඇති ලින්ක් එකේ පරිදි මේ පහත තොරතුරු සුප්‍රසිද්ධ ‘රොයිටර්ස්’ ආයතනයෙන් ඉදිරිපත් කර ඇත. පැරීසියේ සහ බුඩාපේස්ට් රොයිටර්ස් කාර්යාලවල සිටින, ‘Marton Dunai’ සහ , Geert De Clercq යන තැනැත්තන් විසින් මේ තොරතුරු පෙන්වා දී ඇත. 

පරමාණුක බලයට ලෝකයේ ඇති තැන, පුනර්ජනනීය බල ශක්තිය මගින් නැති කර දමා ඇති එක් ප්‍රධාන හේතුවක් වන්නේ විශාල වියදමක් පරමාණුක බලය සඳහා වැය වන හෙයිණි. අනෙක් හේතුව වන්නේ කාබන් විමෝචනය එමගින් අඩු කිරීමේ මන්දගාමී ස්වභාවය වේ. පරමාණුක බල ශක්තිය නිපදවන දැවැන්ත තාපය අවශෝෂණය කර ගැනීම සඳහා මෙන්ම අධි වෝල්ටීයතා කුළුණු සඳහා විශාල වියදමක් මෙන්ම විශාල ඉඩකඩ ප්‍රමාණයක් යන්නේය. මේ දමා ඇති පින්තුර ප්‍රංශයේ යන Agen  සහ Toulouse ස්ථාන අතර ඇති, ‘Golfech nuclear plant’  නම් බලාගාරයේ වේ. 

2019 වසරේ මැද භාගයේ පවා නව සුළං සහ සූර්ය බල ශක්‌ත සැපයුම් වලින් ලැබුණු බලය පරමාණුක බලය අභිභවා ගිය බව,  ‘The annual World Nuclear Industry Status Report (WNISR)’  නම් වූ වාර්ථාවේ සඳහන්ය. මේ වාර්ථාව ගැන වග කියන, ‘Mycle Schneider’ යන විද්‍යාඥයා පවසන ආකාරයට, … “පරිසරය ස්ථායි කිරීම වැදගත්ය – එහෙත් එය පරමාණුක බලය භාවිතය හරහා කෙරෙන්නේ නම් ඉතා මන්දගාමී සේ, එනම් බොහෝ කාලයක්යන සේ ස්ථායි තත්වය ඇති වේ” … “ අවම කාබන් ඇතිකරන බල ශක්ති ප්‍රභවයන්ට සාපේක්ෂව, පරමාණුක බලයෙන් කාර්මික හෝ ක්‍රියාකාරී අවශ්‍යතා ඇති නොකරයි” …   මේ වාර්ථාවෙන් පරමාණුක බල මධ්‍යස්ථානයක් ඉදි කිරීම සඳහා වසර 10ක් ගතවන බව පෙන්වා දේ.

පුනර්ජනනීය බලය සීඝ්‍ර සේ දියුණු වන ආකාරයට ලංකාවේ පරමාණුක බල ශක්තිය ලබා ගැනීමට බලාගාරයක් ඉදි කිරීම කකුලට වෙඩි තියා ගැනීමක් වන්නේ මේ හේතුව නිසාය. මෙහි ඇති අනෙක් වරද නම්, මේ කාලය තුල ෆොසිල ඉන්ධන බලාගාර ක්‍රියාත්මක කරවීමේ අවශ්‍යතාවයයි. එනම් පරමාණුක බල ශක්ති බලාගාරයක් ඉදි කිරීමට වඩා ඒ අදහස ඉදිරියට දමා පෞද්ගලික බලාගාර හරහා රටේ මුදල් කොල්ල කෑම සිදුවේ යයි පැහැදිළි සැකයක් ඇති වේ.

මේ නිසා කාබන් විමෝචනය ඇති වීම හැකිතාක් අඩු කිරීම සහ එය අඩුම කාලයකදී කිරීම නම් පරමාණුක බල මධ්‍යස්ථානයකින් සිදු නොවේ. එය අවධාරණය කල යුතුය. 

බල ශක්තිය වැඩියෙන්ම භාවිතා කරන චීනය පුනර්ජනනීය බලය සඳහා 2018 වසරේ ඩොලර් බිලියන 91ක් වියදම් කර ඇත. එහෙත් පරමාණු බලය සඳහා ඔවුන් වියදම් කර ඇත්තේ ඩොලර් බිලියන 6.5ක් පමණි. පරමාණුක බලයේ නව ව්‍යාපෘති එහි කිසිසේත් නැත. ඇමරිකාවේ පුනර්ජනනීය බලය ඉදිරි වසර තුන ඇතුලත ගිගා වොට් 45කින් වැඩි වී පරමාණුක බලය ගිගා වොට් 24 කින් අඩුවනු ඇත.  

අපේ මුග්ධයන් මේ උගුලට අසු වේද ?

https://www.reuters.com/article/us-energy-nuclearpower/nuclear-energy-too-slow-too-expensive-to-save-climate-report-idUSKBN1W909J?fbclid=IwAR3VjSdiscyhNvq_w0b90yZSy2tPIfPCdAlgiLBNWFz1Iy2ZjxMI20sSBQo

%d bloggers like this: