Menu Close

තුර්කි-සිරියා යුද උණුසුම මධ්‍යයේ රුසියානු යුද නෞකා සිරියාවට පැමිණේ

රුසියාව කලිබර් කෲස් මිසයිලවලින් සන්නද්ධ යුද නෞකා දෙකක් මධ්‍යධරණී මුහුදට එවීමට කටයුතු කර තිබේ.අද්මිරාල් මකාරොව් සහ අද්මිරාල් ග්‍රිගොරොවිච් යන මෙම නෞකා දෙක තුර්කියේ බොස්පොරස් ඩර්ඩනෙලෙස් යන සමුද්‍ර සන්ධි පසු කරමින් මධ්‍යධරණී මුහුදේ තිබෙන නිත්‍ය නාවික හමුදා කණ්ඩායම සමග එක්වීම සඳහා යාත්‍රා කරන අයුරු දැක්වෙන ඡායාරූප කිහිපයක් සමාජ ජාලා තුල සංසරණය විය.

රුසියානු බෝල්ටික් මුහුදු බල ඇණියේ අණදෙන නිලධාරී අද්මිරාල් ව්ලැඩිමීර් වැලුයෙව් පවසන පරිදි අවශ්‍ය නම් සිරියාවේ සිටින රුසියානු සෙබලුන්ට සහාය වීම සඳහා නෞකා දෙක සතු කැලිබර් කෲස් මිසයිල භාවිතා කල හැකිය.

Russian-frigates-armed-with-Caliber-went-to-Syria-through-the-Turkish-Straits

Russian-frigates-armed-with-Caliber-went-to-Syria-through-the-Turkish-Straits

එනමුත් එවැනි දෙයක් සිදුවන්නේ රුසියානු හමුදාවේ ප්‍රධානිය එවැනි ප්‍රහාරයක් එල්ල කිරීමට තීරණයක් ගත හොත් පමණක් යැ‍යි ඔහු කීය.මෙම නෞකා මධ්‍යධරණී මුහුදට යාත්‍රා කිරීම හරහා බලතුලනය පවත්වා ගැනීමටත්,රුසියානු නාවික හමුදාවටත් වැදගත් දෙයක් යැ‍යි අද්මිරාල් වැලුයෙව් පැවසීය.
 

Russian-frigates-armed-with-Caliber-went-to-Syria-through-the-Turkish-Straits

Russian-frigates-armed-with-Caliber-went-to-Syria-through-the-Turkish-Straits

මෙම නෞකා පන්තියේ තුන්වැන්න වන අද්මිරාල් එසෙන් නෞකාව 2019 වර්ෂයේ දෙසැම්බර් මාසයේ සිට මධ්‍යධරණී මුහුදේ ස්ථානගත වී සිටියි.එයද කළු මුහුදු නෞකා බල ඇණියට අයත් යුද නෞකාවකි.

මෙම සිදුවීම වාර්තා වන්නේ අල්කයිඩාව සතු සිරියාවේ අවසන් බල ප්‍රදේශය අල්ලා ගැනීම සිරියානු හමුදාව දියත් කල සාර්ථක මෙහෙයුමට තුර්කිය මැදිහත් වීමත් සමගයි.සිරියානු රජයේ හමුදා ඉඩ්ලිබ් හි ත්‍රස්තවාදීන්ට එරෙහිව එල්ල කල ප්‍රහාර හමුවේ ඔවුන් සමග සිටි තුර්කි සෙබලුන්ටද දිවි අහිමි විය.

තුර්කි රජය වඩාත් ප්‍රකෝප කලේ පෙබරවාරි 27දා තුර්කි සෙබලුන් 33කට මරු කැඳවමින් එල්ල වූ ගුවන් ප්‍රහාරයි.තුර්කියේ නිල වාර්තාවලට අනුව එහිදී තුවාල ලැබූ ගණන 36කි.

ඊට පළිගැනීම වශයෙන් තුර්කිය සිරියානු හමුදාවේ සෙබලුන් සහ යුදෝපකරණ ඉලක්ක කර ඩ්‍රෝන් ප්‍රහාර,කාලතුවක්කු සහ රොකට් ප්‍රහාර එල්ල කිරීම උත්සන්න කලේය.ඩ්‍රෝන් යානාවලින් එල්ල කල ප්‍රහාර සිරියානු හමුදාවට බරපතල හානි අත්කර  දුන්නේය.

තුර්කියේ ඩ්‍රෝන් තර්ජනය මැඩපැවැත්තුවේ නැත්නම් සිරියානු හමුදාව කෙටි කාලයක් තුල ඉඩ්ලිබ් හි විශාල භූමි ප්‍රමාණයක් අහිමි වේවි යැ‍යි පසුගිය දිනවල සටන්කාමීන් ලබා ගත් ජයග්‍රහණ සලකා බලද්දී පෙනී යන කරුණකි.

සෝචි එකඟතාවයන්ට අනුව අෂාඩ් රජයේ හමුදා ඔවුන් ඉඩ්ලිබ් යුද මුක්ත කලාපයේ සීමා මායිම් තෙක් පසුබැසිය යුතු යැයිද ,ඔවුන්ට ඒ සඳහා පෙබරවාරි මාසය අවසානය දක්වා කාලය ලබා දෙන්නේ යැයි තුර්කි ජනපති එර්ඩොගන් අවසන් නිවේදනයක්ද නිකුත් කර තිබිණි.ඒ අනුව ඔහු ලබා දී තිබූ කාලය ඊයේ දිනයෙන් අවසන් විය.තුර්කිය සිරියාවට එරෙහිව මහා පරිමාණ යුද්ධයකට පිවිසුණ හොත් සිරියාව,රුසියාව සහ ඉරානය මේ දක්වා සිදු කල සියලු කැපකිරීම් ඵලක් නොවන දෑ බවට පත් වේවි.බොහෝවිට තුර්කිය සමග සටන් විරාමයකට යෑමට සිරියාව ක්‍රියාකරාවි.

source:southfront.org

%d bloggers like this: