සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ ශී්ර ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන අවසන් එක්දින තරගයේ කාසිය වාසිය දිනූ ශ්රී ලංකා කණ්ඩායම පළමුව පන්දුවට පහරදීමට තීරණය කළා.
එහිදී ශ්රී ලංකා කණ්ඩායම පන්දුවාර 50 අවසානයේ සියල්ලන් දැවී ලකුණු 307ක් ලබාගැනීමට සමත්වුණා.
කුසල් මෙන්ඩිස් ශතකයක් ලබා ගත් අතර ධනංජය ද සිල්වා ලකුණු 51 ලබාගැනීමට සමත්වුණා.
ඒ අනුව මෙම තරගය ජය ගැනීමට නම් කොදෙව් කණ්ඩායමට ලකුණු 308ක ඉලක්කයක් හඹා යාමට සිදුවෙයි.