Menu Close

ඔලිම්පික් පිහිනුම් ශූරයාට තරග තහනමක්.

ඔලිම්පික් පදක්කම්ලාභී චීන ජාතික පිහිනුම් ශූරයෙක් වන සුං යැං ට වසර අටක තරඟ තහනමක් පනවා තිබෙනවා. ඒ 2018 සැප්තැම්බරයේ පැවැත්වූ තහනම් උත්තේජක පරීක්ෂණයක් සම්බන්ධයෙන්.

ක්‍රීඩා සම්බන්ධ අධිකරණය පෙර ලබා දී තිබූ තීන්දුවක් වෙනස් කරමින් මෙම තහනම පනවා ඇත්තේ Wada ආයතනය ඉදිරිපත් කල අභියාචනයක් සලකා බැලීමෙන් අනතුරුවයි.

ඔහු වරදට ලක්වූ දෙවන අවස්ථාව බැවින් වසර අටක තනමකට ලක් වී තිබෙනවා.

සුං යැං 2012 ඔලිම්පික් උළෙලේ නිදහස් ආර මීටර් 400 සහ 1500 මෙන්ම 2016 මීටර් 200 නිදහස් ආර ජයගෙන තිබෙනවා.

Share with Friends

%d bloggers like this: