Menu Close

ආසියානු කුසලාන සත්කාරකත්වය පාකිස්ථානයෙන් ඉවතට.

මාර්තු 3 වැනිදා පැවැත්වීමට නියමිත ආසියානු ක්‍රිකට් කවුන්සිල රැස්වීමට දින කිහිපයකට පෙර ඉන්දීය ක්‍රිකට් ආයතනයේ සභාපති සෞරව් ගංගුලි පවසා ඇත්තේ 2020 ආසියානු කුසලාන තරගාවලිය ඩුබායි හිදී පැවැත්වෙන බවයි.

පාකිස්තානය මෙම තරගාවලිය සඳහා සත්කාරකත්වය සැපයීමට නියමිතව තිබුණ ද ආරක්ෂක හා දේශපාලනික හේතූන් මත ඉන්දියාව පාකිස්තානයට යාමට අකමැති විය. ආසියා කුසලානය මධ්‍යස්ථ ස්ථානයක පැවැත්වෙන තාක් පාකිස්තානය ආසියානු කුසලානය පැවැත්වීම සම්බන්ධයෙන් තමන්ට කිසිදු ගැටලුවක් නොමැති බව ඉන්දීය ක්‍රිකට් ආයතනය මීට පෙර ප්‍රකාශ කර තිබුණා.

සෑම වසර දෙකකට වරක් ක්‍රීඩා කරන ආසියානු කුසලානය සඳහා 2008 වසරෙන් පසුව පාකිස්තානය සත්කාරකත්වය ලබා දී නොමැත. ශ්‍රී ලංකාව 2010 අදියර සඳහා සත්කාරකත්වය ලබා දුන් අතර ඉන් අනතුරුව පැවති අදියර තුන බංග්ලාදේශයේ දී පැවැත්විය. අවසන් ආසියා කුසලාන තරගාවලිය එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී පැවැත් වුණා.

2016 සිට ආසියානු කුසලානය තරගාවලිය එක්දින හා විස්සයි විස්ස තරග ලෙස වෙනස්වන පදනමක් මත පැවැත්විය. 2020 සංස්කරණය එළඹෙන විස්සයි 20 ලෝක කුසලාන තරගාවලියට සූදානම් වීම සඳහා විස්සයි 20 තරගාවලියක් ලෙස පැවැත්වීමට නියමිතයි.

Share with Friends

%d bloggers like this: