Menu Close

239) මාස්ක්, රැවුල සහ කොරෝනා

COVID -19 වයිරසයේ සීග්‍ර පැතිරීමත් එක්ක බොහෝ මාස්ක් පළඳින්න පෙළඹිලා තිබෙනවා. මේ පළඳින මාස්ක් වලින් බලාපොරොත්තුවන ආරක්ෂාව නොලැබුණත්, රෝගී හෝ රෝගයේ ලක්ෂණ පෙන්වන අයෙක් මාස්ක් එකක් පැළඳීම වැදගත්. මෙි වීඩියෝව මාස්ක පළඳින ඔබට වැදගත් වේවි

කොරෝනගෙන් ගැලවෙන්නට හරි මග 

දෑතපරිස්සම් කරගන්න

1 අවශ් සියළුම අවස්ථාවලදි ,දෑත් සබන් සෝදා ගලා යන ජලයෙන් පිරිසිදුකරගන්න. විශේෂයෙන්ම,පොදු ප්රවාහන සේවාවන්භාවිතයෙන්,වෙළදසැල් වල ගැවසීමෙන් රෝහල්තුල රැඳීසිටීමෙන් පසු

2 අත්සේදීමෙන් පසු වියලීම සඳහා Hot air hand dryer භාවිත නොකරන්න

3 Alcohol based hand sanitizer එකක් හැමවිටම සූදානම්ව ළඟ ලබා ගන්න

4 ඇස්, මුහුණ අතගෑම් හැකි තරම් සීමා කරන්න.

5 සුබපැතීම් සඳහා අතට අතදීම්, වැළඳ ගැනීම් සීමා කරන්න.

6 රෝගලක්ෂණ නොපෙන්වන අයෙක් තුල පවා වයිරසය ඇති බව , පැතිරවිය හැකි බව දැනුවත් වන්න.

7 සැකසහිත අවදානම් සහිත යමක් ස්පර්ෂ කලේනම් , දෑත් නිසි ලෙස පිරිසිදු කරගන්න.



කෙළබිඳිති ආවරණය කරන්න

1 කිවිසීමේදීදෑත භාවිත නොකර ටිෂු එකක් හෝ නැත්නම් වැලමිටඇතුලත භාවිත කර බිදිති විසිරීමපාලනය කරගන්න.

2 නැවතභාවිත කරන ලේන්සුවකට වඩා වරක් භාවිත කර ඉවත් කරනfacial tissue වඩාත් සුදුසුයි මේ අවස්ථාවේ.

3 කිවිසීමකට, නාසය පිරිසිදු කිරීමකට පසු දෑත සබන් / ගලා යන ජලය හෝ70%-80 Alcohol based Hand sanitizer භාවිතකර පිරිසිදු කරගන්න.



ලෙඩවුනා නම් ගෙදර ඉන්න

1 රෝගලක්ෂණ දැනගන්න කැස්ස, උණ , උගුරේ වේදනව, සෙම්ප්රතිශ්යා වේ ලක්ෂණ, ශ්වසන අපහසුව මුලික ලක්ෂණ විය හැක

2 සෙම්ප්රතිශ්යාව ලක්ෂණ මතුවූ සැනින් කළබල නොවන්න.නමුත් අදාල ආසාදනය පැතිරෙන ප්රෙද්ශයක , පසුගියසති දෙක තුල සංචාරය කළානම් හෝ අදාල රෝගයටපත්වූ අයෙක් සමඟ ළඟ ඇසුරක් පැවතුනාදඅඩි හයකට හෝ අඩු දුරකනම් රෝග ලක්ෂණ වන වෙනස්වීම පිළිබඳවවැඩි අවධානයකින් ඉන්න.

3 නිවසටවී දිනක් දෙකක් විවේක ගන්න, රෝග ලක්ෂණ පිළිබඳ සැළකිලිමත්වන්න.

4 දියරවර්ග වැඩිපුර ගැනීම, පෝෂණිය ආහාර ගැනීම හරිව වැදගත්.තද උණූ ජලයපානයේ අවශ්යතාවයක් නැතිමුත් උතුරවා නිවාගත් ජලය හෝ පිරිසිදු පානීයජලය පානය වැදගත් වේ

5 මේකාළය තුල ඔබේ හිතුමනාපෙට ප්රතිජීවක ඖෂධනොගන්න.

6 ඔබටරෝග ලක්ෂණ ඇත්නම් පවුලේ අනෙක් අයගෙන් හැකි තරමට වෙන්ව මේ කාළසිමාව ගතකරන්න. මේ අවස්ථාවේ නිවසතුලදී වුවද මුව වැස්මක් පැළඳීම පවුලේ අනෙක් අයට යම් ආරක්ෂාවක් වේවි

7 රෝගලක්ෂණ වැඩිවන බව දැනෙනවා නම්හෝ ශ්වසන අපහසුතාවයක ලක්ෂණ මතුවේ නම් දින ගණන ගැන නොසිතා මුව වැස්මක් පැළද, රෝහලට යන්න.

8 ඔබටකොරෝනා වයිරසය ඇතුළු වී ඇතැයි රෝහලේදීහඳුනාගත්ත වයිරසය ශරීරගතවූ සියල්ලන් ජීවිත අවදානමකට ලක් නොවනබව තේරුම් ගන්න, සෞඛ් උපදෙස් අනුවඅදාල කාළ සීමා රෝහල තුල ගත කරන්න.

9 සැකසහිත ලක්ෂණ පෙන්වන පුද්ගලයින් සමඟ ඉතා ළඟ කතා බහ, සිප ගැනීම්, නොකරන්න.

හොඳටකන්න බොන්න

1 පෝෂණීයආහාර වේලක් ගන්න, පිරිසිදු ජලය/දියර වර්ග වයසට ගැලපෙන ප්රමාණයට පානයකරන්න.

2 මත්පැන්පානය මගින් මෙම වයිරසය විනාශ නොවන බව දැනුවත් වන්න.

3 මස්, කිරි බිත්තර වැනි සත්ව ආහාර හොදින් පිස පරිභෝජනය කරන්න. හොදින් පිසගත් මස් මාංශ අනුභවයෙන් ප්රෝටීන් මිසවයිරසය නොලැබේ ,

4 සත්වආහාර මිලදී ගැනීම සඳහා වගකීමක් ඇති වෙළඳ සැලක් වෙත යන්න

5 ආහාරසැකසීමේදී , නොපිසින ආහාර ගොටු කොළ වැනි සමඟ නොපිසූ මස් මාංශ මිශ්රවීම වලක්වා ගන්න

6 විටමින්සී සහිත ස්වභාවික පළතුරු භාවිතය වාසිදායක විය හැකි බව දැනුවත් වන්න.



නිවැරදිවදෑත් පිරිසිදු කරගන්න

1 ගලායන ජලයෙන් , ඇඟිලි/ඇඟිලි අතර/මැණික්කටුව ප්රෙද්ශය/අල්ල/පිටි අල්ල, හොඳින් තෙමා ගන්න

2 දැන්සබන් යොදා පෙර ප්රදේශ තත්තපර20-30ක්වත් හොඳින් අතුල්ලන්න , දැන් ගලා යන ජලයෙන් හොඳින්සෝදා හරින්න.

3 අත්වියලීම සඳහා පිරිසිදු රෙදි කඩක් හෝ ටිෂු එකක්යොදා ගන්න, කිසිදු විටෙක සවිකර ඇති Hot air hand dryer භාවිත නොකරන්න

4 ගලායනජලය සහ සබන් නොමැතිඅවස්ථාවකදි Alcohol based hand sanitizer බිඳුකිහිපයක් අතට ගෙන පෙර කී ප්රෙද්ශතුල හොඳින් ආලේප කරගන්න, වියලෙන්නට දෙන්න. තෙතමාත්තු කිරීම හෝ සේදීම කළයුතු නොවේ. 5 අත කිළිටි යැයිහැඟෙන හැම විටකෙම සහ , කිවිසීම , නාසය පිරිසිදු කිරීම, සතුන් ස්පර්ශ කිරීමෙන් පසු, කෑම පිළීයෙල කිරීමට පෙර , කෑමට පෙර , වැසිකිලි භාවිතයට පසු, රෝගී අයෙක්ට සත්කාර කළ පසු සහඅතට අතදීම හෝ අවදානම් යමක්ස්පර්ශ කිරීමට පසු දෑත පිරිසිදු කරගන්න

දැනුමයාවත්කාළීනව තබා ගන්න

1 රජයවිසින් ලබා දෙන සෞඛ් උපදෙස් පිළිපදින්න.

2 පහතබැදුම් ඔස්සේ ජාත්යන්තර මට්ටමෙන් පිළිගන්නානිවැරදිනවතම දැනුම ලබා ගන්න. www.who.int www.cdc.gov

3 ලබාගත් නිවැරදි දැනුම බෙදා ගන්න



දැනගෙන මාස්ක් එකක් පළදින්න

1 අවදානම්යැයි ඔබ සැක කරනස්ථානයකදි හෝ ඔබට රෝගලක්ෂණ ඇත්නම් පළදින්න.පැළදීමට පෙර දෑත , සබන් සහ ගලා යනජලයෙන් හෝ විෂබීජනාශකයක් යොදාපිරිසිදු කරගන්න.

2 හැමවිටම වර්ණවත් ලේයරය Fluid repellent layer ඉවතට සහ සුදු පැහැපැත්ත මුහුණට ස්පර්ශ වන සේ පළදින්න.

3 නාසයඉහළ කෙළවර සිට නිකටේ පතුල දක්වා මාස්ක් එකෙන් ආවරණය විය යුතුමයි

4කිනම්මාස්ක් එකක් පැළදුවද එමගින් කට , නාසය , නිකට අතර හිදැස් අවම වන සේ හොඳින්ආවරණයවන අයුරින් පළදින්න

5 එකමමාස්ක් එක නැවත භාවිතකරන්නට එපා. නැවත පිරිසිදු කර භාවිත කළහැකි ෆිල්ටරයක් සහිත මාස්ක් එකක් නම් නිශ්පාදකයාගේ උපදෙස් අනුව එය පිරිසිදු කරන්න

6 ඔබරැවුලු වවා ඇති අයෙක් නම් මාස්ක් එක සහ ඔබේමුහුණ අතර ඇති හිදැස් මගින් වයිරසය පහසුවෙන් දේහගත විය හැකි බව දැන ගන්න

7 මාස්ක් එක මගින් 100%ආරක්ෂාවක් නොලැබෙන බව දැන අනෙක්ආරක්ෂණ උපක්රමද අනුගමනය කරන්න

%d bloggers like this: