Menu Close

සීතල අගුණයි

එළියක් විහිදෙයි,
ඈත වළාකුලක් දෙබෑ කරමින්
හෙන හඬක් නැ‍‍ගෙයි,
වීදි සුනඛයිගේ උඩු බිරුම් හඬ
ඇසෙයි ඈතින්, නිවී නිවි නිවී යයි
සඳ පහන් එළිය. 

මද සුළඟ සැර වෙයි ටිකෙන් ටික
මද නිහැඬියාවකට පසුව
වැසි වැටෙනවා ඇතැයි
සිතිය හැකි තරමටම එහෙට


සුළඟ තෙත් වෙයි සීතලද වෙයි.

පරණ පුරුදු හාන්සි පුටුව මත
තැනින් තැන සුදු රෝම පිරුණ පපුවක්
නිදයි, එහෙත් දෙනෙත් අවදියෙන් විමසිලිමත් වෙයි

දැන් දැන් වැසි වැටෙන ඉසව්වේ කුටියක
පහන් නිවා ඇතැයි සිතුනද,
දුවයි සිත අතීතයේ එක දවසක
අඹ ගසට ගෑසු ගලකින්
උළු කැඩුණ වහලය වෙතට,

සැලෙයි හදවත, මුුසුව බිය හා සැකය
එතැන තවමත් නිදන සිටු කුමාරිට
සීතල අගුණ බව සිහිව..

%d bloggers like this: