Menu Close

සරාකිබ් නගරය සටන්කාමීන් යටතට:තුර්කි ප්‍රහාර හමුවේ සිරියානු හමුදාව පසුබසියි

සරාකිබ් නගරයේ වයඹදි කොටසේ සිරියානු හමුදාවේ ආරක්ෂක වළල්ල බිඳ වැටීමත් සමග අල්කයිඩාවට සම්බන්ධ කණ්ඩායම්වල සාමාජිකයෝ තුර්කි සෙබලුන්ද සමග එම නගරයට ඇතුල් වූහ.

ප්‍රහාරය ආරම්භ වූයේ තුර්කි හමුදාව සිරියානු හමුදාවේ ඉලක්ක වෙත කාලතුවක්කු ප්‍රහාර එල්ල කිරීමෙන්ය.මෙවරද අල්කයිඩා සාමාජිකයෝ,තුර්කිය සැපයූ සන්නද්ධ රථ සහ ජංගම ගුවන් යානා නාශක අවි භාවිතා කරන අයුරු දැකගත හැකි විය.

 රුසියානු සුකොයි-24 බෝම්බ හෙළන යානයක් ඉලක්ක කර තුර්කි සෙබලෙක් ගුවන් යානා නාශක මිසයිල ප්‍රහාරයක් එල්ල කරන අයුරු.ඒ සඳහා ඔහු භාවිතා කරන්නේ එක්සත් ජනපදයේ නිෂ්පාදිත FIM-92 ස්ටින්ගර් නම් ජංගම ගුවන් යානා නාශක මිසයිල විදිනයකි.

පෙබරවාරි 26දා හවස් වරුවේ පටන්,සිරියානු හමුදාවට සලිහියා සහ අෆිස් යන ගම්මානවල පාලනය අහිමි වූ අතර සටන්කාමීන්ගේ ප්‍රහාර හමුවේ ඔවුන්ට සරාකිබ් නගරයේ නැගෙනහිර සහ දකුණු කෙළවරට පසු බසින්නට සිදු විය.තුර්කි හමුදා යුද ටැංකි තුනක්(රුසියාව ලබා දුන් ටී-90 යුද ටැංකියක්ද සමග)අල්ලා ගන්නටද සමත් වූහ.තවත් යුද රථ කිහිපයක් විනාශ කරන ලදි.ඊට මත්තෙන්,සිරියානු හමුදාව නයිරාබ් ගම්මානය අතහැර යද්දී යුද ටැංකි දෙකක්,සන්නද්ධ රථ 4ක් සහ බුල්ඩෝසර් 2ක් ඇතුලුව යුදෝපකරණ දමා ගොස් තිබිණි.

පහත දැක්වෙන්නේ නැගෙනහිර ඉඩ්ලිබ් දෙසින් සටන්කාමීන් ඉදිරියට ගමන් කරද්දී ඔවුන් විසින් පටිගත කල දර්ශන පෙළකි.

සිරියානු ගුවන් ප්‍රහාරයකින් තුර්කි සෙබලුන් දෙදෙනෙක් මියගොස් තවත් දෙදෙනෙක් තුවාල ලැබූ බව තුර්කි ආරක්ෂක අමාත්‍යාංශය පෙබරවාරි 26දා නිවේදනය කලේය.සටන් සඳහා තුර්කි සෙබලුන් සහභාගී වන බව මේ ප්‍රකාශය හරහා නැවතත් නිල වශයෙන් තහවුරු වේ.

සරාකිබ් නගරයේ පාලනය ගිලිහී යෑම,එම්5 මහා මාර්ගය විවෘත කිරීමේ ඩැමැස්කස් රජයේ සැලසුම්වලට බලවත් පහරකි.එසේම ඉඩ්ලිබ් නගරයට ගමන් කිරීමට තිබූ කෙටි මාර්ගයද ඇහිරී යාමකි.

සරාකිබ් හි පසුබැසීමට හේතු වූයේ එම්4 මහා මාර්ගයේ දකුණු දෙසින් ඉදිරියට යෑමට සිරියානු හමුදාව පමණට වඩා සැලකිල්ලක් දැක්වීම යැ‍යි ප්‍රාදේශීය මූලාශ්‍ර පැවසීය.ඔවුන්ට අනුව,හොඳින් පුහුණුව ලැබූ සහ අත්දැකීම් බහුල හමුදා ඒකක වන 25 වන විශේෂ බලකා සේනාංකය/ටයිගර් බලකා සහ 4 වන සේනාංකය ආදිය සරාකිබ් හි සිට දකුණු ඉඩ්ලිබ් වෙත යවා තිබේ.අනෙකුත් දුර්වලතා වන්නේ රජයට පක්ෂපාතී ඒකක අතර සම්බන්ධීකරණයේ අඩුපාඩු සහ සමීප ගුවන් ප්‍රහාරක සහාය ප්‍රමාණවත් මට්ටමකින් නොලැබීමයි.

රජයට පක්ෂපාතී මූලාශ්‍ර පවසන පරිදි,පෙබරවාරි 27දා හමුදා කණ්ඩායම් නැවත සංවිධානය වී ප්‍රති ප්‍රහාරයක් දියත් කරන ලදි.ගැටුම් තවමත් සිදුවේ.

සරාකිබ් හි සිරියානු හමුදාව පසුබසින්නේ දකුණු ඉඩ්ලිබ් දෙසින් හමුදාව ඉදිරියට ඇදෙද්දීය.හමුදාව සටන්කාමීන් සතුව තිබූ ගම්මාන දුසිමක පමණ බලය අල්ලා ගත්තේ හමා පළාතේ සීමාවට ලගාවෙමින්ය.දැන්,එම්4 මහා මාර්ගය දෙසට ගමන් කරමින් සිටින සිරියානු හමුදාව හමුවේ තිබෙන ප්‍රධාන බාධක දෙක වන්නේ සාන් සහ බරාහ් යන සටන්කාමීන්ගේ බලකොටු දෙකයි.

කෙසේවෙතත්,රජයේ හමුදාවන්ට සරාකිබ් දෙසින් වූ ඉදිරි ආරක්ෂක වළල්ල ස්ථාවර  කර ගැනීමට නොහැකි වුවහොත් සහ තුර්කිය ප්‍රමුඛ හමුදාවේ ඉදිරි ගමන සහමුලින්ම නවතා දමන්නට නොහැකි වුවහොත්,ඔවුන් දකුණු ඉඩ්ලිබ් ප්‍රදේශයෙන් අල්ලා ගන්නා භූමිය,ඉඩ්ලිබ් හි අල්කයිඩාවට එරෙහිව උපායමාර්ගික ජයග්‍රහණයක් සඳහා ප්‍රමාණවත් නොවනු ඇත.

source:southfront.org

%d bloggers like this: