Menu Close

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම ඉන්දියාව හමුවේ පරාජයට පත්වෙයි.

T20 කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සමඟ අද මෙල්බර්න් හී පැවති තරගය කඩුලු 7 කින් ජය ගන්නට ඉන්දීය කාන්තා කණ්ඩායම සමත්වුණා.

කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා කාන්තා පිළ පළමුවෙන් පන්දුවට පහරදීමටයි තීරණය කළ අතර එහිදී ඔවුන්ට ලබා ගැනීමට හැකි වූයේ පන්දුවාර 20 ක් අවසානයේ කඩුලු 9 ක් දැවී ශ්‍රී ලකුණු 113 ක් පමණයි.

කණ්ඩායම් නායිකා වන චමරි අතපත්තු ලකුණු 33 යි.

පිලිතුරු ඉනිම ක්‍රීඩා කළ ඉන්දීය කාන්තා කන්ඩායම පන්දුවාර 14 යි පන්දු 4 ක් අවසානයේ කඩුලු 3 ක් පමණක් දැවී ලකුනු 116 ක් රැස් කරමින් තරගය ජයගත්තා.

මෙම පරාජයත් සමගින් මෙතෙක් සහභාගී වූ තරග 3 ම ශ්‍රී ලංකා කාන්තා පිළ පරාජයට පත්වුණා.

මෙම පරාජයත් සමග මෙතෙක් සහභාගී වූ තරග 3 ම පරාජයට පත්වූ ශ්‍රී ලංකා කාන්තා පිළ ප්‍රසාද ලකුණු සටහනේ ඒ කාණ්ඩයේ සිව්වන ස්ථානයට පැමිණ ඇති අතර සහභාගී වූ තරග 4 ම ජයගත් ඉන්දීය කාන්තා පිළ ඒ කාණ්ඩයේ පළමු ස්ථානයට පැමිණ තිබෙනවා.

Share with Friends

%d bloggers like this: