Menu Close

පිරිමින් නාන පිහිණුම් තටාකයක ගැහැණු අය නෑමේ ප්‍රතිඵල – දෙවන කොටස

Untitled2දෙවන කොටසක් ලියන්නට හිතුවේ, අප හිතනවාට වඩා තත්වය අති භයානක හෙයිනි. නාන තටාකයක ඇති ‘සුපර් ස්පර්ම්ස්’ හෙවත් ඉතා උසස් තත්වයේ ස්පර්ම්ස් හෙවත් ශුක්‍රානු නිසා ගැබ් ගන්නා අයුරු ගැන ඉගෙන ගතිමු. එහි එතරම් අවුලක් නැත්තේ, එවිට එමගින් ‘සුපර් මෑන්’ ලා බිහිවන හෙයිණි. එහෙත් හොඳින් ඇඳ පැළඳ සිටින පිරිමි කෙනෙක්ගේ ඔඩොක්කුවක මුහුණට මුහුණ ඇති සේ වාඩි වී සිටින ඇඳුම් ඇඳ ගත් පෙම්වතියක් වුවද ගැබ් ගත හැකි බව ඔප්පු කර ඇත.

මේ ආකාරයේ විවිධ ක්‍රම වලින් ගැබ් ගැනීම 100 % ක් සම්භාවිතාවයෙන් විය හැකි බව පහත ලින්ක් එකේ දේශනයෙන් ඔබ අවබෝධ කරගනු ඇත.

නමුත් මේ ගැන ටිකක් විස්තර කිරීම වටී. වැඩිය ඉංග්‍රීසි ඉගෙනීමක් නැති නංගිලා මල්ලිලාට ප්‍රයෝජනවත් හෙයින් ලිපියේ දෙවන කොටස ලියමි. ඉහත කී සේ පෙම්වතිය, පෙම්වතාගේ ඔඩොක්කුවේ ඉඳ ගෙන සිටින විටදී, බැරිවෙලාවත් පෙම්වතා වැරදි ආකාරයට බොත්තම් අල්ලන ලද ඩෙනිම් කලිසමක් ඇඳ තිබීම භයානකය. එනම් බොත්තම් දෙකක් අතර නියත පරතරයකි. ඒ පරතරය ලොකු නම්, තවද ඔහු යට ඇඳුමක් ඇඳ නොමැති නම්, පෙම්වතාගේ ලිංගය එළියට පැමිණ තියෙන්නට හැක.

මේ අතර නුදුරේ ඇති ජනේලය සුළං නිසා ඇරේ. එළියේ ඇති මල් ගස් වර්ගයක් වන ඩන්ඩ්ලියන් [Dandelion] මල් වල පරාග සුවඳ ජනේලයෙන් පෙම්වතාට දැනේ. කලාතුරකින් මිනිසුන්ගෙන් එකෙක්ට මේ මල් නිසා ‘ඇලජික්’ ගති ඇති විය හැක. දැන් ඔහුට කිමුහුමක් යයි. නවීන පරීක්ෂණ මගින් සොයා ගෙන ඇති දෙයක් වන්නේ ලෝකයේ මිනිසුන්ගෙන් 0.00008 ක් මිනිසුන්ට ලිංගික සුරතාවය කිමිහුමක් නිසා ඇතිවන බවය. එවිට ඔහු ශුක්‍රාණු පහ කරයි. පෙම්වතිය ඇඳ සිතන ඇඳුම 100 % කපු නොවේ නම්, ඒ ඇඳුම් සියල්ලේ ශුක්ෂම සිදුරු ඇත.

ඒ හරහා ඔහුගේ ශුක්‍රාණු පීනා විත් පෙම්වතිය ගැබ් ගනී. මෙයින් බේරීමට හැකි එක ක්‍රමයක් වන්නේ, පෙම්වතාගේ කලිසමේ බොත්තම් තිබේද නැතහොත් සිප් එකක් තිබේද යන්න, ඔහුගේ ඔඩොක්කුවේ හිඳ ගැනීමට පෙර පරීක්ෂාවෙනි  

අනෙක් ක්‍රමය ඔබ යෝගා ක්‍රම කර ඇත්නම් පමණක් සිදුවන ගැබ් ගැනීමට හැකි ක්‍රමයකි. එනම් පෙම්වතිය මේ අවස්ථාවේ පෙම්වතා ගේ ඔඩොක්කුවේ, ඇය දන්නා යෝගා භාවිතා කර ඔලුවෙන් සිට ගෙන ඉඳ ගෙන ඇත. අවාසනාවට ඇයගේ පෙම්වතාට Peyronie’s disease ඇත. එනම් ඔහුගේ ශිෂ්ණය සිරුරට සාපේක්ෂව අංශක 60 ක් සහ කළා 23ක් ආනතව පිහිටා තිබීමය. මෙහිදී ඔහු ලිංගික සුරතාන්තයට පත් වුවහොත්, සාමාන්‍ය භෞතික විද්‍යාවේ කියන ප්‍රක්ෂිප්ත ක්‍රමයට [V=U+ft, S= Ut +1/2ft*t, Vsqure = Usqure + 2fS] ශුක්‍රාණු ඉහළට විදෙනු ඇත.

එනම්, පරාවලයක් ආකාරයට උඩ විසිවන ශුක්‍රාණු, ගුරත්වජ මන්දනය නිසා උපරිම උසට ගොස් මඳක් නැවතී පහළට පැමිණේ. ඒවා උඩගොස් වැටෙන්නේ ඔලුවෙන් සිටින පෙම්වතියගේ යෝනියටය. ඉහත මෙන්ම ඇයගේ ඇඳුමේ ශුක්ෂම සිදුරු හරහා ඒවා යෝනි මාර්ගයට පිවිසේ. ප්‍රතිඵලය ඇය ගැබ් ගැනීමය.

තෙවන ක්‍රමය ලංකාවේ වේ යයි සිතීමට අපහසුය. ටෝනාඩෝ ඇතිවන ඇමරිකාව වැනි රටක සිටින මුහුණු පොත් හිතවතෙක් හෝ හිතවතියෙකුට මේ විස්තර ප්‍රයෝජනවත් විය හැක. දැන් මේ වෙලාවේ ඔබ සහ පෙම්වතා සිටින්නේ සෑහෙන ඈත පුටු දෙකක හිඳ ගෙන, කිසිම ආකාරයේ ලිංගික කතාවක හෝ ක්‍රියාවක යෙදී නොවේ. හදිසියේ ටෝනාඩෝවක් ඇති වී පෙම්වතා සහ පෙම්වතිය අහසට විසි වේ. ටෝනාඩෝ යනු, අවට ඇති සියලුම දේ උරා බොන රික්තයක් මෙන් හයානක තත්වයකි.

එහි කිසියම් තැනක එම රික්තයේ උපරිම ස්ථානය හෙවත් [Votex] පවතී.

ටෝනාඩෝව නිසා ඇතිවන ආකුළ වාත ප්‍රවාහය [Turbulent air flow] නිසා දෙදෙනාගේම ඇඳුම් ගැලවී යයි. දැන් දෙදෙනාම අහසේදී නිර්වස්ත්‍රව එකට ගැටේ. මෙන්න මේ වෙලාවේ දමා ඇති පින්තුරය අනුව, ඉහත කියන ලද වෝටෙක්ස් රික්ත උපරිමය  [Votex] පෙම්වතාගේ ලිංගයේ ගැටේ. එවිට ඇතිවන රික්තමය ස්වභාවය නිසා ඔහුගේ ශුක්‍රාණු එළියට ඇදේ. පෙම්වතිය මේ වෙලාවේ ඉන්නේ ඔහුගේ ඔඩොක්කුවේ නිසා පෙම්වතිය ගැබ් ගනී.

ඉහත කී ගැබ් ගැනීම් එපමණ ගැටලුවක් නොවන්නේ, පෙම්වතා සහ පෙම්වතිය හෙයිණි. නමුත් ටෝනාඩෝ අවස්ථාවේ පෙම්වතා අල්ලපු ගෙදර ගැහැණිය සමඟ හෝ, පෙම්වතිය අල්ලපු ගෙදර පිරිමියා සමඟ එක්වීම විශාල ගැටලුවක් විය හැක. ටෝනාඩෝ එතරම් ප්‍රබලය. එසේ වූ අවස්ථාවන් ඇමරිකාවේ වාර්ථාගත වී ඇත.  

හතරවන ක්‍රමය ලංකාවේ අපට විය හැක. ඇත්ත වශයෙන්ම එසේ වූ බවට සාධක ඇත. එනම් පෙම්වතිය මුහුදේ පීනමින් සිටී. හදිසියේ මුහුදු රළ වලින් පෙම්වතිය පාළු දූපතකට ගසා ගෙන යයි. අවුරුදු ගානක් පෙම්වතිය ඒ දූපතේ මිනිස් පුළුටක් නැතිව ඉන්නා අතරතුරේ, පිරිමි ඇඳුමක් වෙරළට ගසා ගෙන එයි. පෙම්වතියට පෙම්වතා මතක් වී ඒ ඇඳුම උඩ හිඳ ගනී. නමුත් මේ ඇඳුමේ කිසියම් පිරිමියෙක් ශුක්‍රාණු පහකර ඇත. ලුණු වතුර නිසා ඒ ශුක්‍රාණු මිය ගොස් නැත. ප්‍රතිඵලය ඇය ගැබ් ගැනීමය.

මේ ක්‍රම වලින් පිරිමිද බඩ විය හැකි වුවද, තවම විද්‍යාඥයන් ඒ ගැන පරීක්‍ෂා කරමින් පවතී. පිරිමියෙක් බඩවීම ගැන බොහෝ පිරිමි කණස්සල්ලෙන් සිටිනවා මෙන් පෙනෙන නිසා මේ ටිකත් කියමි. එය වන්නේ කොටස් දෙකකිනි. මුලින්ම සම ලිංගික වී, දෙවනුව ගැහැණු ගති ඇතිවේ.        

අනියම් ආකාරයට ගැබ් ගැනීම මෙසේ සාරාංශ කල හැක.

1. පිරිමි නාන තටාකයක ගැහැණු අය ස්නානය නිසා. – සි[හු]ත්ති හික්මාවතී සිද්ධාන්තය. 
2. බියර් බීම සහ පිරිමි සම ලිංගික වීම ප්‍රථම පියවර – මැදගොඩ අභයතිස්ස හිමි [… අසා ඇති පරිදි.]
3. පෙම්වතාගේ ඔඩොක්කුවේ පෙම්වතිය හිඳ ගෙන සිටීම.
4. පෙම්වතාගේ ඔඩොක්කුවේ සිටින පෙම්වතිය යෝගා ක්‍රම කිරීම.
5. ටෝනාඩෝ අධි රික්තය [Votex] පිරිමියාගේ ලිංගය අසළට ඒම සහ පෙම්වතිය ඒ අසළ නිරුවතින් සිටීම.
6. පිරිමි වස්ත්‍ර උඩ හිඳ ගැනීම.

තවත් මේ ආකාරයේ අපමණ ක්‍රම තිබිය හැක. මා මෙන් ඒවා, අන් අය කෙරේ කරුණාවෙන් කියා දීම වටී. ගැහැණු ඔබ ගැබ් ගත්තේ යයි කිසියම් සැකයක් ඇති වුවහොත්, නානා ගේ කඩයෙන් ගත් වඳ කොත්තුවක් කෑමෙන් හෝ, වඳ පෑන්ටියක් ඇඳීමෙන්, මේ අනවශ්‍ය දරු උපත් නවත්වා ගත හැක. ඉහත ක්‍රම අපට කියා දුන්, ‘දොස්තර නටාෂා වෙන්බ්ලට්’ මෙනෙවියට අප ස්තුති වන්ත වෙමු. ඇයගේ මුහුණු පොත් වීඩියෝවේ, දවසක් බලන්නට කොමෙන්ට්ස් ඇත.

මිනිසුන් සහ ගැහැණුන් කොතරම් ඥාණවන්තද කියා එයින් පෙනේ.     

https://www.facebook.com/1839995342770977/videos/vb.1839995342770977/694703234292500/?type=2&theater     

%d bloggers like this: