Menu Close

තුර්කි සුල්තාන් වියරු වැටෙයි,පුටීන්ට තර්ජනය කරයි,සිරියානු සෙබලුන් දහස් ගණනක් මරා දැමූ බව කියයි

turkish-sultan-in-chief-goes-wild-threatens-putin-claims-thousands-syrian-troops-were-killed

සිරියාවේ ඉඩ්ලිබ් හි වාතාවරණය සහ කලාපය තුල තුර්කි ආක්‍රමණශීලී ක්‍රියා මාර්ග ගැන කියවෙන අලුත් ප්‍රකාශද සමග තුර්කි ජනපති එසේත් නැත්නම් අලුත් ඔටෝමන් අධිරාජ්‍යයේ සුල්තාන් රිසෙප් ටයීප් එර්ඩොගන් පෙබරවාරි 29දා යළිත් කරළියට පැමිණියේය.

ඉඩ්ලිබ් මෙහෙයුම සූදුවක් නොවන බවත්,එය තුර්කි දේශසීමාව පුළුල් කර ගැනීමේ වෑයමක් නොවන බවත් හෙතෙම පවසයි.තුර්කි ජනපති පවසන පරිදි ඔහුගේ රජයේ හමුදා ඉඩ්ලිබ් වෙත පැමිණියේ “සිරියානු ජනතාවගේ” ඉල්ලීම මතයි(ඔහු මෙහිදී සිරියානු ජනතාව ලෙස හඳුන්වන්නේ ඉඩ්ලිබ් හි අල්කයිඩා ත්‍රස්තවාදීන්ගේ මිනිස් පලිහක් ලෙස වසර ගණනාවක් මුදා නොගත් කලාපයේ සිර වී සිටින සිවිල් වැසියන්ය).එම ජනතාවගෙන් ඉල්ලීමක් ලැබෙන තෙක් තුර්කි හමුදා සිරියාවෙන් ඉවත්ව නොයන බවද ඔහු පවසයි(එනම් තුර්කියට අවශ්‍යව තිබෙන්නේ මෙම කලාපය සිය භාරයේ තබාගන්නටය)

තුර්කියට,රෙජීමය(සිරියාවේ නීත්‍යානුකූල රජය) සමග මෙම ප්‍රශ්නය බේරා ගැනීමට ඉඩ දී රුසියාව පැත්තකට විය යුතු යැ‍යිද එර්ඩොගන් ජනපති ව්ලැඩිමීර් පුටීන් හට පවසා තිබේ.

තුර්කි හමුදාවේ ප්‍රහාරවලින් සිරියානු සෙබලුන් 2,100කට වැඩි පිරිසක් මිය ගොස් යුදෝපකරණ 300ක් සහ රසායනික අවි ගබඩා 7ක් විනාශ කල බව ඔහු පවසයි.මෙම සංඛ්‍යාවන් යතාර්ථයට සමීප නම්,සිරියානු හමුදාව දිගටම දකුණු ඉඩ්ලිබ් දෙසින් ඉදිරියට ගමන් කරන්නේ කෙසේද සහ සෙබලුන් දුසිම් කිහිපයක් අහිමි කරගෙන සරාකිබ් අල්ලා ගැනීම ඇතුලුව සීමා සහිත සාර්ථකත්වය තුර්කි පාර්ශ්වය ලබා ගන්නේ කෙසේද යන්න ගැටලුවකි.

යුරෝපා සංගමයේ සරණාගත අර්බුදයේ වර්තමාන වාතාවරණය ගැන එර්ඩොගන් සඳහන් කලේය.තුර්කිය හිතාමතාම සරණාගතයින් යුරෝපයට නොයවන්නේ යැ‍යි ඔහු තහවුරු කලේය.

“අපි ඊයේ කුමක් කලේද?අපි ගේට්ටු විවර කලා.අපි මේ ගේට්ටු වසා දමන්නේ නැත…ඇයි? මන්ද යුරෝපා සංගමය ඔවුන්ගේ පොරොන්දු රැකිය යුතුය.” – එර්ඩොගන්

පෙබරවාරි 28දා සිට යුරෝපය සමග තුර්කි දේශසීමාවේ සරණාගතයෝ 18,000ක් රැඳී සිටි බවත්,පෙබරවාරි 29 දා වෙද්දී එය 30,000ක් වැඩි වනු ඇති බවත් තුර්කි නායකයා පැවසුවේය.එර්ඩොගන්ගේ රජය සුපුරුදු පරිදි මෙවරත් යුරෝපා සංගමයට තර්ජනය කරමින්,මැදපෙරදිග තුර්කි ක්‍රියාමාර්ගවලට එම සංගමයේ රටවලින් මූල්‍යමය සහ රාජ්‍යතාන්ත්‍රික සහාය ලබා ගන්නට උත්සාහයක නිරත වේ.මින් පෙනී යන දෙයක් වන්නේ ජාත්‍යන්තර ප්‍රජාවේ මිතුරන් සහ බලපෑම දිනා ගැනීම සඳහා එර්ඩොගන්ට තමන්ටම ආවේණික ක්‍රමවේදයක් තිබෙන බවයි.

source:southfront.org

%d bloggers like this: