Menu Close

තුර්කි ඩ්‍රෝන් ප්‍රහාරවලින් සිරියානු හමුදාවට බරපතල හානි

සිරියානු අරාබි හමුදාවේ සෙබලුන් සහ යුදෝපකරණ ඉලක්ක කරගෙන එල්ල කල ඩ්‍රෝන් ප්‍රහාර දුසිම් ගණනක් අඩංගු මිනිත්තු 14ක් දිග වීඩියෝ පටයක් තුර්කි ජාතික ආරක්ෂක අමාත්‍යාංශය පෙබරවාරි 28දා නිකුත් කර තිබේ.

එහි මුල් කොටසේ දැක්වෙන ප්‍රහාර දින කිහිපයකට පෙර එල්ල කල ඒවාය.අවසන් කොටසේ අඩංගු වන්නේ පසුගිය පැය 24ක කාලය තුල එල්ල කල ඩ්‍රෝන් ප්‍රහාරයි.

මෙම ප්‍රහාරවලින් සිරියානු හමුදාවට අයත් යුද ටැංකි,පාබල හමුදා ප්‍රහාරක රථ,රොකට් විදින,හොවිත්සර,මැෂින් තුවක්කු සවි කල රථ සහ ට්‍රක් රථ ඇතුලත්ය.

එක් තුර්කි ප්‍රහාරයකින් සිරියානු අරාබි ගුවන් ආරක්ෂක බලකායන්ට අයත් පැන්ට්සියර්-එස්1 වර්ගයේ ගුවන් ආරක්ෂක පද්ධතියක් විනාශ වන අයුරු දැක ගත හැකිය.මෙම අවි පද්ධතිය විනාශ කලේ මැදි දුර “” ගුවන් ආරක්ෂක පද්ධතියක් සමග යැ‍යි අන්කාරා රජය පැවසීය.

පසුගිය පැය 24ක කාලය තුල සිරියානු හමුදාවට අයත් යුද ටැංකි 8ක්,පාබල හමුදා ප්‍රහාරක රථ 4ක්,හොවිත්සර 5ක් සහ රොකට් විදින 2ක් විනාශ කලේ යැ‍යි තුර්කි ජාතික ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කර තිබේ.

මෙම ප්‍රහාර බොහොමයක්,තුර්කියේ නිපදවූ ANKA-S සහ බයිරැක්ටර් TB2 යන සංග්‍රාමික ඩ්‍රෝන් යානා යොදාගෙන සිදු කල ඒවාය.

පසුගිය 27දා ඉඩ්ලිබ් හි දකුණු ප්‍රදේශයට සිරියානු ගුවන් හමුදාව එල්ල කල ගුවන් ප්‍රහාරවලින් තුර්කි සෙබලුන් 33ක් මිය ගොස් දුසිම් කිහිපයක් තුවාල ලැබීමත් සමග තුර්කිය සිරියානු හමුදාවට එල්ල කරන ප්‍රහාර උත්සන්න විය.

සිරියානු හමුදාවට මෙම ප්‍රහාර හරහා යුදෝපකරණ සහ ජීවිත රැසක් අහිමි වූ බවට කිසිදු සැකයක් නැත.මෙම දැවැන්ත අහිමි වීම හමුවේ තුර්කි ප්‍රොක්සි හමුදාවන්ට සහ අල්කයිඩාවට සම්බන්ධ හයාට් ටරිර් අල්-ෂාම් ත්‍රස්තවාදීන්ට ඉඩ්ලිබ් කලාපය පුරා තවදුරටත් භූමිය අල්ලා ගන්නට අවස්ථාව උදාවේ.

source:southfront.org

%d bloggers like this: