Menu Close

තුන්වන ශ්‍රී ලංකා – කොදෙව් සටන බලන්න ටිකට් ගන්නේ මෙහෙමයි.

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර හෙට තුන්වන එක්දින තරගය හෙට (01) පැවැත්වෙනවා.

මෙම තරගය මහනුවර පල්ලකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන අතර ඊට ප්‍රවේශ පත්‍ර කල්තියාම වෙන් කර ගන්නා ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය නිකුත් කියා සිටියා.

කල්තියාම සිය ප්‍රවේශපත්‍ර වෙන් කර ගැනීමේදී තරගය පැවැත්වෙන දිනය තුළ ක්‍රීඩා ලෝලීන් අතර අනවශ්‍ය තදබදයක් ඇතිවීමේ අවධානම අවම වන බව විශ්වාසය පළ කර සිටින ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය එම ප්‍රවේශ පත්‍ර, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන මූලස්ථානයෙන්, පල්ලකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයෙන් සහ අස්ගිරිය ක්‍රීඩාංගණයේ පිහිටුවා ඇති මහනුවර දිස්ත්‍රික් ක්‍රිකට් සංගම් කාර්යාලයෙන් මිලදී ගැනීමේ අවකාශ සලසා දී තිබෙනවා.

සියළුම ප්‍රවේශ පත්‍ර කවුළු පෙ.ව. 9 සිට ක්‍රියාත්මක වන නමුත් තරගය පැවැත්වෙන දිනයේදී පල්ලකැලේ ක්‍රීඩාංගණය තුළ ප්‍රවේශ පත්‍ර අලෙවිය සිදු වන්නේ නැහැ. ඒ අනුව එදින බලගොල්ලේ පිහිටි අබීත ක්‍රීඩා පිටියේදී ප්‍රවේශ පත්‍ර වෙන් කර ගැනීමේ හැකියාව පවතිනවා.

ප.ව. 2.30 ට ආරම්භ වීමට නියමිත තරගය නැරඹීම සඳහා පැමිණෙන ක්‍රීඩා ලෝලීන් හට ප.ව. 12.30 සිට පල්ලකැලේ ක්‍රීඩාංගණයට ඇතුළුවීම සඳහා වූ දොරටු විවෘත කර තිබෙන බවද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වැඩිදුරටත් දැනුම් දෙනවා.

Share with Friends

%d bloggers like this: