Menu Close

අල්කයිඩාව වෙනුවෙන් දිවිපිදීම:සිරියාවේ ගුවන් ප්‍රහාරවලින් තුර්කි සෙබලුන් රැසක් මරුට

සිරියාවේ ඉඩ්ලිබ් පළාතේදී තුර්කි හමුදාවේ රථ පෙළකට එල්ල වූ සිරියානු ගුවන් ප්‍රහාරයකින් තුර්කි හමුදා සාමාජිකයෝ 22ක් මරණයට පත්ව ඇතැයි තුර්කියේ හටායි පළාතේ ආණ්ඩුකාර වැලිසි ඩොගන් පෙබරවාරි 27දා නිවේදනය කලේය.

ඔහු පැවසූ පරිදි සිරියානු ගුවන් ප්‍රහාරවලින් සෙබලුන් රැසක් තුවාල ලබා ඇති බවයි.ඔවුන්ගෙන් සමහරකගේ තත්ත්වය බරපතලය.

සිරියානු විපක්ෂ මූලාශ්‍රවලට අනුව මෙම මාරක ගුවන් ප්‍රහාරය එල්ල වූයේ අල්-බාරා ගම්මානය හරහා ගමන් කරමින් තිබූ තුර්කි හමුදාවේ රථ පෙළකටය.ගුවන් ප්‍රහාරය එල්ල වෙද්දී තුර්කි සෙබලුන් අසල තිබෙන ගොඩනැගිලි තුලට රිංගා ගන්නා ආකාරය,ප්‍රහාරයෙන් පසු තත්ත්වය රැගත් වීඩියෝපට නිකුත් කර තිබේ.

සමහරක් තුර්කි සහ සිරියානු මූලාශ්‍ර තුර්කියේ නිල නිවේදනයට පරස්පර ප්‍රකාශ නිකුත් කරමින්,මිය ගිය සෙබලුන් ගණන 37යැ‍යි පවසයි.සමහරක් මූලාශ්‍රවලට අනුව එම සංඛ්‍යාව 50ද ඉක්මවා යයි.මෙම මූලාශ්‍රවලට අනුව ගුවන් ප්‍රහාරය එල්ල කලේ රුසියානු ගුවන් හමුදාවයි.

ප්‍රහාරයෙන් පසුව තුර්කි ජනපති රිසෙප් ටයීප් එර්ඩොගන් ජාතික ආරක්ෂක කමිටු රැස්වීමක් කැඳවීය.ඒ අතරතුර ගැටලුව සම්බන්ධව කතා කිරීමට ආරක්ෂක අමාත්‍ය හුලුසි අකාර්,ඇමෙරිකාවට ඇරයුම් කලේය.

මියගිය සෙබලුන් 22ත් සමග ඉඩ්ලිබ් හිදී තුර්කි හමුදාවට අහිමි වූ සෙබලුන් ගණන 41කි.පෙබරවාරි 28දා උදෑසන කාලයේදී ජනපති එර්ඩොගන් තවත් සෙබලුන් තිදෙනෙක් මිය ගියේ යැ‍යි පැවසීය.

ප්‍රහාරයෙන් පසුව අදාල ප්‍රදේශයේ සෝදිසි කිරීම සඳහා සිරියානු සටන්කාමීන් සහ තුර්කි ගුවන් හමුදාවේ හෙලිකොප්ටර් යානා යොදවා තිබේ.ඉදිරි දිනවල මිය පිරිස තවත් ඉහළ යා හැකිය.

යාවත්කාලීන කිරීම:සිරියානු ගුවන් ප්‍රහාරයෙන් තුර්කි හමුදාවේ මිය සෙබලුන් ගණන නිල වශයෙන් 33ක් යැ‍යි ප්‍රකාශයට පත් කෙරේ.

පෙබරවාරි 27 දා රාත්‍රියේ එල්ල වූ ගුවන් ප්‍රහාරයෙන් පසුව,ඉලක්ක වූ ප්‍රදේශය දිස් වූ අයුරු

Syrian-airstrike-on-turkey-army

Syrian-airstrike-on-turkey-army

Syrian-airstrike-on-turkey-army

 source:southfront.org

%d bloggers like this: