Menu Close

රෆායල් නඩාල් අර්ධ අවසන් පූර්ව වටයේ තම ස්ථානය රැකගනී.

මෙක්සිකෝ විවෘත ටෙනිස් තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටයේ තම ස්ථානය තහවුරු කර ගැනීමට ස්පාඤ්ඤයේ රෆායල් නඩාල් සමත් වුණා.

ඒ සර්බියාවේ මියෝමි කෙක්මොනොවික් පරාජය කරමින්.

තරගයේ පළමු වටයේ පටන් සිය අත්දැකීම් තුළින් උපරිම ප්‍රයෝජන ගත් නඩාල් සිය ප්‍රතිවාදියා හොඳින් පාලනය කළ අතර පළමු වටය ලකුණු 6 ට 2 ක් ලෙස ඔහු ජය ගත්තා.

තරගයේ දෙවන වටයත් නඩාල් ඉතා පහසුවෙන් ජය ගත්තේ ලකුණු 7 ට 5ක් ලෙසයි.

ඒ අනුව තරගය වට 2 ට 0 ක් ලෙස ජය ගත් නඩාල් අර්ධ අවසන් පූර්ව වටයේ තම ස්ථානය තහවුරු කර ගත්තා.

Share with Friends

%d bloggers like this: