Menu Close

තුර්කි ඩ්‍රෝන් යානා තුනක් සිරියාවේදී සහ ලිබියාවේදී බිම හෙළයි

erdogans-nightmare-3-turkish-drones-shot-down-24-hours-over-idlib-libya

තුර්කි ගුවන් හමුදාවට පෙබරවාරි මාසයේ 25-26 අතර ගෙවී පැය 24ක කාලය හොඳ එකක් වූයේ නැත.සිරියාව සහ ලිබියාව යන රටවලදී ඔවුන්ට අහිමි වූ ඩ්‍රෝන් යානා ගණන තුනකි.

පළමුව,විශාල තුර්කි හමුදා ඩ්‍රෝන් යානයක් දකුණු ඉඩ්ලිබ් අහසේදී වෙඩි තබා බිම හෙලනු ලැබුවේ පෙබරවාරි 25දාය.සානා පුවත් සේවය වාර්තා කල පරිදි ගිනිකොණදිග ඉඩ්ලිබ් හි ඩඩෙක් කලාපයේදී සිරියානු හමුදාව විසින් තුර්කි රජයේ හමුදාවල ඩ්‍රෝන් යානයක් බිම හෙළන ලදි.

සිරියාවේදී බිම හෙළු තුර්කි ඩ්‍රෝන් යානය

පැය කිහිපයකට පසුව ලිබියාවේ ජෙනරල් හෆ්ටර්ට පක්ෂපාතී හමුදා නිවේදනය කල පරිදි ට්‍රිපොලි නගරයේ මිටිගා ජාත්‍යන්තර ගුවන්තොටුපොලෙන් ගුවන් ගත වූ තුර්කි ගුවන් යානයක් වෙඩි තබා බිම හෙළා තිබේ.යානය කඩා වැටුණු ස්ථානයේ වීඩියෝපටයක් ඔවුන් විසින් ප්‍රසිද්ධ කලහ.

පෙබරවාරි 26දා උදෑසන,නිදහස් ලිබියානු පුවත් මූලාශ්‍ර වාර්තා කලේ හෆ්ටර්ගේ ලිබියානු ජාතික හමුදාව ට්‍රිපොලි නගරයට ඉහළ අහසේදී දෙවන තුර්කි ඩ්‍රෝන් යානයද බිම හෙළුු බවයි.ඒ අනුව පැය 24ක කාලය තුල දෙරටේදී බිම හෙළු තුර්කි ඩ්‍රෝන් යානා ගණන තුනකි.

ලිබියාවේ ට්‍රිපොලි නගරය මුල් කරගෙන ක්‍රියාත්මක ජාතික සම්මුති රජය රැක ගැනීම සඳහා එරටට පැමිණ සිටින තුර්කි හමුදාව සහ ඔවුන්ගේ ප්‍රොක්සි හමුදා සමච්චලයට ලක්  කිරීම සඳහා මෙම සිදුවීම් භාවිතා කරන්නට ලිබියානු ජාතික හමුදාවට සම්බන්ධ මාධ්‍ය ක්‍රියා කලහ.

“තුර්කි ඩ්‍රෝන් යානාවල කෙටි ආයු කාලය.යුද ඉතිහාසයේ ඕනෑම ඩ්‍රෝන් යානයක නරකම වාර්තාව එයයි” යනුවෙන් ලිබියානු ජාතික හමුදාවේ සම්බන්ධ මාධ්‍ය මූලාශ්‍රයක සටහන් කර තිබුණේ,ඩොලර් මිලියන ගණනක් වටිනා,බිම හෙළු ඩ්‍රෝන් යානා මාදිලියට සමාන යානයක් මත තුර්කි ජනපති සිය අත්සන යොදන ඡායාරූපයක්ද  සමගයි.

තවද එර්ඩොගන් කඩා වැටුණු තුර්කි ඩ්‍රෝන් යානය අසල දණ ගසා එහි සිය අත්සන යොද අයුරු දැක්වෙන සංස්කරණය කල ඡායාරූපයක්ද පළ කර තිබිණි.

මෙම සිදුවීම් වාර්තා වන්නේ ඉඩ්ලිබ් හි සහ ලිබියාවේ තුර්කි හමුදා/ප්‍රොක්සි හමුදාවන්ට ජීවිත රැසක් අහිමිව තිබෙන මොහොතකය.තුර්කි සෙබලුන් දෙදෙනෙක් ලිබියාවේදී දිවි පිදූ බව එර්ඩොගන් පෙබරවාරි 25දා පැවසුවේය.

ලිබියාවේදී බිම හෙළු දෙවන තුර්කි ඩ්‍රෝන් යානයේ වීඩියෝපටයක්


කෙසේවෙතත්,ජාත්‍යන්තර වාර්තාවලට අනුව තුර්කියට සිදුවූ සැබෑ ජිවිත හානි ගණන ඊට වඩා වැඩි බවයි.හෆ්ටර්ගේ ලිබියානු ජාතික හමුදාව පවසන්නේ සටන්වලදී තුර්කි සෙබලුන් 16 දෙනෙක් වත් මියගොස් ඇතැයි කියාය.

සිරියාවේ ඉඩ්ලිබ් හිදී තත්ත්වය මීට සමානය.තුර්කි මාධ්‍ය පවසන්නේ මිය ගිය තුර්කි සෙබලුන් ගණන අවම වශයෙන් දුසිම් පමණ වන බවයි.


ඒ අතරතුර,පෙබරවාරි 26දා ජනපති එර්ඩොගන් සිරියාවට සහ රුසියාවට තවත් තර්ජනයක් සිදු කරමින් අවසන් නිවේදනයක් නිකුත් කලේය.”ඉඩ්ලිබ් හිදී අපි පසුබසින්නේ නැත.අපි මෙම රාජ්‍යය තුල අමුත්තන් නොවෙමු.අපි මෙහි ධාරකයන් වන්නෙමු” යනුවෙන් ඔහු පැවසීය.මෙම ප්‍රකාශයෙන් හැඟවෙන්නේ ඔහු අලුත් ඔටෝමන් අධිරාජ්‍යය සිහිනයෙහි තවමත් ජීවත් වන බවයි.

වසර ගණනාවක් තිස්සේ සිරියාවේ වයඹදිග ප්‍රදේශය අල්කයිඩා කණ්ඩායම්වල පාලනය යටතේ තිබේ.මෙම ප්‍රදේශය මුදා ගැනීමට සිරියානු රජයේ හමුදා මෙහෙයුම් ආරම්භ කිරීමත් සමග තුර්කිය අල්කයිඩාව සහ සිය ප්‍රොක්සි හමුදාවන්ට යුද ආධාර සැපයීම වේගවත් කල අතර තුර්කි රජයේ හමුදාද යුද පෙරමුණ එවීය.තවද පෙබරවාරි මාසය අවසන් වීමට මත්තෙන් පසුගිය කාලයේදී සිරියානු හමුදාව අල්කයිඩාව ඇතුලු රාජ්‍ය විරෝධී සන්නද්ධ කණ්ඩායම්වලින් මුදා ගත් ප්‍රදේශ අතහැර යා යුතු යැයි එර්ඩොගන් අවසන් අනතුරු ඇඟවීමක් නිකුත් කලේය.එය නොසලකා හරිමින් සිරියානු හමුදාව දැන් දකුණු ඉඩ්ලිබ් දෙසින් ඉදිරියට ඇදෙමින් ගම්මාන රැසක් මුදාගෙන තිබේ.ඒ අතරතුර ඔවුන්ට නයිරාබ් සහ සරාකිබ් යන නගරවල බලය අහිමි වූයේ තුර්කි හමුදාවේ සෘජු සහාය සහිතව සටන්කාමීන් එල්ල කල ප්‍රහාර හමුවේය.

source:zerohedge.com

 

%d bloggers like this: