Menu Close

කොරෝනා නිසා මැද පෙරදිග පා පැදි සවාරිය අතරමග නවතියි.

ලොව ප්‍රමුඛ පෙළේ පා පැදි සවාරියක් වන, මැද පෙරදිග පා පැදි සවාරියේ තවත් අදියර දෙකක් ඉතිරිව තිබියදී , එම සවාරිය නවතා දැමීමට සංවිධායකයින් පියවර ගෙන තිබෙනවා.

ඒ එම පාපැදි සවාරියේ සංවිධායකයින් ලෙස කටයුතු කරන ඉතාලි ජාතික දෙපලකට නව කොරෝනා වෙරසය අසාධනය වී ඇති බවට තහවුරු වීමෙන් පසුවයි.

ලොව ප්‍රධාන පෙළේ පා පැදි ධාවකයින් රැසක් සහභාගී වන, මැද පෙරදිග පාපැදි සවාරිය පසුගිය පෙබරවාරි 23 වනදා ආරම්භ වුණා.

තරගාවලියට එක්වන තරගකරුවන්ගේ ආරක්ෂවා පිළිබඳව සැලකිල්ලට ගනිමින් මෙම පියවර ගත් බව අබුඩාබි ක්‍රීඩා කවුන්සිලය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළා.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ ලොව සුපිරි පාපැදි ක්‍රීඩකයින් වන මහා බ්‍රිතාන්‍යයේ ක්‍රීස් ෆෘම් සහා ඇඩම් යේට්ස්ව මේ වන විටත් නව කොරෝනා වෛරසය අසාදනය වී ඇති දැයි නිරීක්ෂනය කීරීම සඳහා පරීක්ෂණ වෙත යොමුකර ඇති බවයි.

මැද පෙරදිග පාපැදි සවාරිය නවතා දැමීම පිළිබඳව කනගාටු වන බවත් , නමුත් ක්‍රීඩකයින්ගෙන් හා මහජනතාවගේ ආරක්ෂවා පිළිඳබව සිතා මතා මෙම තීරණය ගැනීම යහපත් කරුණක් බවත් මේ පිළිබඳව අදහස් දක්වමින් ක්‍රිස් ෆෘම් පවසනවා.

එමෙන්ම එක්සත් අරාබි එමීර් රාජ්‍ය සෞඛ්‍ය බලධාරීන් නිවේදනය කළේ, මෙම තරගය සඳහා සහභාගී වූ සංවිධායකින් හා තරගකරුවන් සියලු දෙනාම වරින් වර පරීක්ෂණ සඳහා යොමු කිරීමට පියරව ගන්නා බවයි.

මේ වන විට කොරෝනා වෛරසය අසාධනය වී ඇති බවට තහුවුරු වු ඉතාලි ජාතකයින් දෙදනා සමග සමීපව කටයුතු කළ සියලු දෙනාම නිරෝධායනය කිරීමටත් පියවර ගන්නා බව ඔවුන් නිවේදනය කරනවා.

Share with Friends

%d bloggers like this: