Menu Close

31 වැනි ජාතික යෞවන ක්‍රීඩා උළෙල අද අනුරපුරයේදී ඇරඹෙයි.

ජාතික තරුණ සේවා සභාව, අධ්‍යාපන, ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍යාංශය හා ශ්‍රී ලංකා යෞවන සමාජ සම්මේලනය එක්ව සංවිධානය කරනු ලබන 31 වැනි ජාතික යෞවන ක්‍රීඩා උළෙල අද (27 වැනිදා) සිට මාර්තු 01 වැනිදා දක්වා අනුරාධපුර උතුරුමැද පළාත් ක්‍රීඩාංගණයේදී පැවැත් වෙනවා.

වයස අවුරුදු 20 න් පහළ හා ඉහළ වශයෙන් වයස් කාණ්ඩ 02 ක් යටතේ මෙවර තරගාවලිය පැවැත් වෙනවා. ජවන හා පිටිය මුළු ඉසව් 68 ක් සඳහා දිවයින පුරා සිටින ක්‍රීඩක ක්‍රීඩිකාවන් 3000කට අධික සංඛ්‍යාවක් සහභාගි වීමට නියමිතයි.

අදාළ වයස් කාණ්ඩයන් දෙකෙහි දක්ෂතම ක්‍රීඩකයා සහ ක්‍රීඩිකාව වශයෙන් තේරී පත්වන සිව්දෙනාට යතුරුපැදියක් බැගින් ලබා දෙනවා. තරගාවලිය තුළ සටහන්වන නව ශ්‍රී ලංකා වාර්තාවකට රුපියල් 50,000 ක් ද, ජාතික යෞවන ක්‍රීඩා තරග වාර්තාවක් වෙනුවෙන් රුපියල් 10,000 ත්‍යාගයක් ද ලබා දෙනවා.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අධ්‍යාපන, ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය ඩලස් අලහප්පෙරුම, තරුණ කටයුතු අමාත්‍ය දුමින්ද දිසානායක, ජාතික තරුණ සේවා සභාවේ සභාපති තෙෂාර ජයසිංහ යන අයගේ ප්‍රධානත්වයෙන් අද (27 වැනිදා) ප.ව. 3.00ට තරගාවලිය ආරම්භ වීමට නියමිතයි.

Share with Friends

%d bloggers like this: