Menu Close

සිරියානු යුද්ධය:සිරියානු හමුදාවේ පසුබැසීම

පෙබරවාරි 26දා තුර්කි හමුදාවේ සෘජු සහාය ඇතිව අල්කයිඩාවට සම්බන්ධ හයාට් ටරිර් අල්-ෂාම් සහ විමුක්තිය සඳහා ජාතික සන්ධානය යන කණ්ඩායම් සරාකිබ් නගරය අවට සිරියානු අරාබි හමුදාවේ ස්ථාන වෙත අලුත් ප්‍රහාරයක් එල්ල කලහ.

පැය කිහිපයක් තුල,තුර්කි ප්‍රොක්සි හමුදා සටන්කාමීන් සරාකිබ් හි උතුරු දිශාවේ වූ සලිහියා සහ අෆිස් නගරවල බලය අල්ලා ගත්තේ සිරියානු අරාබි හමුදාවේ සෙබලුන් සරාකිබ් නගරයේ අද්දරට තල්ලු කරමින්ය.

සටන්කාමීන් එහිදී රුසියාව ලබා දුන් ටී-90 යුද ටැංකියක්ද සමග යුද ටැංකි තුනක් අල්ලා ගත්හ.අනෙකුත් යුද රථ විනාශ කරන ලදි.

මීට දින කිහිපයකට පෙර,තුර්කිය සැලසුම් කලේ යැ‍යි සිතිය හැකි ප්‍රහාරයක් හරහා අල්-නයිරාබ් ගම්මානය හයාට් ටරිර්  අල්-ෂාම් සහ තුර්කි ප්‍රොක්සි හමුදා අතට පත් කලේය.එය පිහිටා තිබෙන්නේ සරාකිබ් නගරයට වයඹදෙසින්ය.සිරියානු අරාබි හමුදාව නයිරාබ් නගරයෙන් පසුබැස යද්දී යුදෝපකරණ රැසක් අත්හැර දමා ගොස් තිබේ.

සරාකිබ් නගරය අවට සිටින සිරියානු අරාබි හමුදාවේ සෙබලුන් සමහරක් බරපතල ප්‍රශ්නවලට මුහුණ දී තිබෙන බව පෙනේ.ක්ෂේත්‍ර අණදෙන නිලධාරීන්ගේ දුර්වල සම්බන්ධීකරණය සහ දුර්වල තීරණ ගැනීම් ඉන් සමහරකි.සිරියානු සෙබලුන්ගේ චිත්ත ධෛර්යයද පහළ මට්ටම පවතින්නේ,කිසිදු පැහැදිලි හේතුවක් නොමැතිවයි.

සිරියානු අරාබි හමුදාවේ නිර්භීතම/දක්ෂතම ඒකක සරාකිබ් අවට නොමැති අවස්ථාවේදී දියත් කල මෙම ප්‍රහාර හරහා තුර්කි ප්‍රොක්සි හමුදා සැලකිය යුතු වාසියක් අත්පත් කරගත්හ.25වන විශේෂ බලකා සේනාංකය/ටයිගර් බලකා සහ 4 වන සේනාංක ඇතුලුව මෙම දක්ෂ සහ නිර්භීත ඒකක මේ වෙද්දී දකුණු ඉඩ්ලිබ් දෙසින් මෙහෙයුම් සිදු කරයි.ඔවුන් සිටින්නේ සරාකිබ් නගරයට කිලෝමීටර් දුසිම් ගණනක් දුරින්ය.

පහත දැක්වෙන්නේ සටන්කාමීන් නයිරාබ් සහ සරාකිබ් ආසන්නයේ ප්‍රහාර සඳහා සූදානම් වන අයුරු සහ ප්‍රහාර දියත් කරන ආකාරයයි.

source:southfront.org

%d bloggers like this: