Menu Close

තිසරට සහ නුවන් ප්‍රදීප්ට T20 සංචිතයට දොර ඇරෙයි.

සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමඟ පැවැත්වීමට නියමිත විස්සයි-20 ක්‍රිකට් තරගාවලිය සඳහා වන ශ්‍රී ලංකා සංචිතයට තුන් ඉරියව් ක්‍රීඩකයින් වන තිසර පෙරේරා සහ ෂෙහාන් ජයසූරිය කැඳවා තිබෙනවා.

මේ දිනවල පැවැත්වෙන එක්දින තරගාවලියේදී පිතිකරුවකු මෙන්ම පන්දු යවන්නකු ලෙසින් කැපී පෙනීම හේතුවෙන් තිසර පෙරේරාත්, පසුගියදා අවසන් වු අන්තර් සමාජ විස්සයි-20 සහ එක්දින තරගාවලියේදී පිතිකරුවකු ලෙස කැපී පෙනෙන දක්ෂතා දැක්වීමට ෂෙයාන් ජයසූරිය සමත්වීමත් හේතුවෙන් විස්සයි-20 කණ්ඩායමට එක්වීමට මංපෙත් විවර වී ඇති බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහන් කළේ.

කෙසේ වෙතත් අවසන් වරට ඉන්දියාවට එරෙහිව පැවැති විස්සයි-20 තරගාවලියට එක්ව සිටි වේග පන්දු යවන කසුන් රජිත වෙනුවට නුවන් ප්‍රදීප් කැඳවීමට පියවර ගෙන තිබෙනවා.

ලසිත් මාලිංගගේ නායකත්වයෙන් යුතු බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිව 15 දෙනෙකුගෙන් සමන්විත සංචිතයක් නම් කර ඇති අතර ඊට ඉන්දීය තරගාවලියට එක්ව සිටි ධනුෂ්ක ගුණතිලක සහ භානුක රාජපක්ෂ ඇතුලත් කර නැහැ .

ලසිත් මාලිංග (නායක), අවිෂ්ක ප්‍රනාන්දු, කුසල් පෙරේරා, ෂෙහාන් ජයසූරිය, නිරෝෂන් දික්වැල්ල, කුසල් මෙන්ඩිස්, ඇන්ජලෝ මැතිව්ස්, ධනංජය ද සිල්වා, තිසර පෙරේරා, දසුන් ශානක, වනිඳු හසරංග, ලක්ෂාන් සඳකැන්, ඉසුරු උදාන, නුවන් ප්‍රදීප්, ළහිරු කුමාර සංචිතයේ ක්‍රීඩකයන් වනවා.

සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර T20 තරග දෙකක් පැවැත්වීමට නියමිත අතර එම තරග දෙකම පැවැත්වෙන්නේ පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදීයි.

පළමු තරගය ලබන මාර්තු මස 4 වනදා පැවැත්වෙනවා.

Share with Friends

%d bloggers like this: