Menu Close

ඔබ මම සහ ඇය

හැමදාම හවසට
ඉස්ටේෂමේ 
මං ඉන්න බංකුව පහුකර
යනවා ඇය..
කෙටි කොණ්ඩෙ
බෙල්ල ගාවට
රත්තරං පාට හම
වැඩියෙ කෙට්ටු නැති
මහතත් නැති
(ඔයා වගේම)
අත් කපපු හැට්ටයට
සාරි අඳින..
දුටු වෙලාවේ පටන්
ඈත නොපෙනී යන තුරුම
මමත් බලාගෙන ඉන්නවා
මට නොදැනෙන්න
හොර ඇහින් වාගෙ
ඈ ත් මං දිහා බලනවා
මට දැනෙනවා..
අදත්
වෙනදා වෙලාවටම
සුපුරුදු පරිදි ඈ එනවා
“දැකල පුරුදුයි ඔයාව
කොහෙදි හරි හොඳට”
අහන්න ද
මගේ හිත කියනවා..
“ඔයා කොහෙද??
ආ.. මමත් ඒ කිට්ටුව
ගිහින් තියනවා මාත් 
කීප වතාවක් පාරෙන් ඔය..
මොකද කටහඬ අමුතු
අසනීපයක්වත් ද?”
ඔයාගෙන් ඇහුව හැටි මුල් වතාවට…
අන්න එතකොට 
මගේ මතකයට නැගෙනවා..
දැන් ඈ 
සෙමින් පියවර තබමින්
මාව පහුකරනවා
ඉස්ටේෂමේ තැනක
බිම වැටී ඉතිරි වුණු කඩල ඇට
එකින් එක අහුලා බුදින
පරෙවියෙක් දිහා
මම ඔහේ බලාගෙන
බලාගෙන ඉන්නවා..

%d bloggers like this: