Menu Close

ශ්‍රී ලංකා – බටහිර ඉන්දීය කොදෙව් දෙවන සටන අද.

ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩාම අතර දෙවන එක්දින තරගය අද සූරියවැව ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී පැවැත්වෙනවා. ඒ, දිවා – රාත්‍රී තරගයක් ලෙසයි

2017 වසරේදී අවසන් වරට සූරියවැව ක්‍රීඩාංගණයේ දිවා තරගයක් ලෙස එක්දින තරගයක් පවත්වා ඇති අතර, ඒ අනුව වසර 3 කට පසුවයි එහි ජාත්‍යන්තර තරගයක් පැවැත්වෙන්නේ.

එසේම සූරියවැව ක්‍රීඩාංගණයේ දිවා – රාත්‍රී තරගයක්, වසර 5 කට පසු පැවැත්වීමද විශේෂත්වයක්.

මේ අතර ඊයේ පැවති මාධ්‍ය හමුවකදී ශ්‍රී ලංකා පුහුණුකරු මිකී ආතර් ප්‍රකාශ කළේ, පළමු තරගයට ක්‍රීඩා කළ කණ්ඩායමම අද තරගයට ක්‍රීඩා කරන බවයි.

ශ්‍රී ලංකා කණ්ඩායම සූරියවැව ක්‍රීඩාංගණයේදී එක්දින තරග 19 කට එක්වී ඇති අතර, ඉන් 8 ක් ජයග්‍රහණය කර තිබෙනවා.

Share with Friends

%d bloggers like this: