Menu Close

ශ්‍රී ලංකාව පැරදුනත් චමරි අතපත්තු පෙරමුණ ගනී.

ඕස්ටේ‍්‍රලියාවේ පැවැත්වෙන පන්දුවාර විස්සයි විස්ස කාන්තා ලෝක කුසලාන කි‍්‍රකට් තරගාවලියේ වැඩිම ලකුණු ලාභිනියන් අතර පෙරමුුණ ගැනිමට ශී‍්‍ර ලංකා කාන්තා කණ්ඩායමේ නායිකා චමරි අතපත්තු සමත් වී තිබෙනවා.

ඒ තරග දෙකකදී ලකුණු 91 ක් රැස් කරමින්. චමරි අතපත්තු නවසීලන්ත කාන්තා කණ්ඩායම සමග පැවැති තරගයේදී ලකුණු 41 ක් සහ ඕස්ටේ‍්‍රලියානු කාන්තා කණ්ඩායම සමග ඊයේ පැවති තරගයේදී වේගවත් ලකුණු 50 ක් රැස් කිරීමට සමත් වුණා.

දෙවෙනි ස්ථානය ලකුණු 75 ක් ලබා ගනිමින් නවසීලන්තයේ සොෆී ඩෙවින් ලබා ගෙන තිබෙනවා.

ඇයට සෙසු කී‍්‍රඩිකාවන්ගෙන් සැලකිය යුතු සහායක් නොලැබීම හේතුවෙන් මෙම තරග දෙකම ශී‍්‍ර ලංකා කාන්තා කණ්ඩායම පරාජය වීම කැපී පෙනෙන සිද්ධියක් වුණා.පන්දුවාර විස්ස කාන්තා ලෝක කුසලාන කි‍්‍රකට් තරගාවලියේ ශී‍්‍ර ලංකා කාන්තා පිල සහහභාගි වන මීළඟ තරගය ලබන 29 වැනිදා ඉන්දීය කාන්තා පිලට එරෙහිව මෙල්බර්න් හිදි පැවැත්වෙනවා.

Share with Friends

%d bloggers like this: