Menu Close

ඩොනල් ට්‍රම්ප් නිසා සචින්ට සහ කෝලිට පට බැඳුනු අලුත් නම්. (VIDEO)

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඊයේ සිය ඉන්දියානු නිල සංචාරය ආරම්භ කළා.

එහිදී ඉන්දියානු ජනතාව අමතමින් ට්‍රම්ප් සිදු කළ කතාව මේ වනවිට බොහෝ සමාජ මාධ්‍ය හා විදෙස් මාධ්‍යවල ප්‍රසිද්ධියට පත්ව තිබෙනවා.

එහි විශේෂත්වය වුයේ ලෝක පුජිත ක්‍රිකට් ක්‍රීඩකයින් දෙපළක් වන සචින් ටෙන්ඩුල්කාර් හා වත්මන් ඉන්දියානු නායක විරාත් කෝලි ගේ නම් ට්‍රම්ප් විසින් වැරදියට උච්චාරණය කිරීමයි.

තම කතාවේදී ඔහු සඳහන් කළ “Greatest Cricket Players, From Soo chin Tendolkerr to Virot Kohlee”. යන ප්‍රකාශය මේ වන විට ලොව වඩාත් කතාබහට ලක්වන කරුණ වී තිබෙනවා.

මේ හේතුවෙන් ලොව පුරා බොහෝ වෙබ් අඩවි අද වන විට තම සිරස්තල ලෙස Soo chin හා Virot යන යොදා තිබීම විශේෂ කරුණක් වනවා.

එම නම් මේ වනවිට ඩිජිටල් මාධ්‍ය තුළ Trending Words බවට පත් වී ඇති බව විදෙස් මාධ්‍ය පෙන්වා දෙනවා.

Share with Friends

%d bloggers like this: