Menu Close

ටීම් සවුති, ඉන්දියාව දණ ගස්වයි.

ටිම් සවුතිගේ සුපිරි පන්දු යැවීම හමුවේ ජවය ලද නවසීලන්තය, ඉන්දියාව සමග පැවැති පළමු ටෙස්ට් තරගයෙන් කඩුලු 10ක පහසු ජයක් ලැබීමට ඊයේ (24 වැනිදා) සමත් වුණා. ඒත් සමග තරග දෙකකින් සමන්විත තරගාවලිය 1-0ක් ලෙස පෙරමුණ ගැනීමට නවසීලන්තය සමත් වුණා.

නවසීලන්ත පළමු ඉනිමට වඩා ලකුණු 183ක් පිටුපසින් සිටිමින් ඉනිමක පරාජයෙන් බේරීමේ සටනක නිරත වූ ඉන්දීය දෙවැනි ඉනිම ලකුණු 191කට සීමා විය. එහිදී ලකුණු 9ක ඉලක්කය හඹාගිය නවසීලන්තයේ ටොම් ලෙදම් සහ ටොම් බ්ලන්ඩෙල් පිළිවෙළින් ලකුණු 7ක් සහ ලකුණු 2ක් වශයෙන් රැස්කර ගත්තා.

ඉන්දීය කණ්ඩායම අඩු ලකුණු සංඛ්‍යාවකට දවා ගැනීමේදී විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ ටිම් සවුති ඉන්දීය පළමු ඉනිමේදී ලකුණු 49 කට කඩුලු 4 ක් සහ දෙවැනි ඉනිමේ ලකුණු 61කට කඩුලු 5ක් දවා ගැනීමට සමත් වුණා. අදාළ දක්ෂතාව හේතුවෙන් තරගයේ වීරයා සම්මානය සවුතිට හිමි විය.

තරගය පුරා වේග පන්දු යවන්නන්ට වාසිදායක බවක් පෙන්නුම් කළ අතර තරගයේ එක් ඉනිමක වැඩිම ලකුණු ලාභියා බවට පත් වූයේ ලකුණු 89ක් රැස්කළ නවසීලන්ත නායක කේන් විලියම්සන්.

Share with Friends

%d bloggers like this: