Menu Close

කෝපාග්නිය 1 : පෙට්‍රල්

අද උදේ පාන්දර පාරට බැස්ස වෙලාවේ ඉඳලම දිගටම සෙට් වුණේ වලිම නිසා මගේ වලි ඉතිහාසය ගැන අද ලියන්න හිතුනා. මගේ වලි ඉතිහාසේ හැබැයි එහෙම ලොකුවට ලියන්න දෙයක් නෑ මොකෝ මම සාමාන්‍යයෙන් වැඩිය වලි දාගන්න යන්නේ නැති නිසා. කොටින්ම මම ඉස්කෝලේ යන කාලෙත් කිසිම වලියකට මූල බීජය වෙලා නෑ ( වෙන එවුන්ගේ රෙද්දවල් වලට ගිහිං නම් අම්බානට ගුටි කාලා තියෙනවා , ඒවා ඉස්සරහට කියන්නම් ). හැබැයි මගේ ප්‍රධානම චරිත ලක්ෂණයක් තමයි මගේ අධික කෝපය. කොන්ට්‍රෝල් කර ගත නොහැකි කෝපය. සහ මම කට වහගෙන ඉන්නේ නැති එක. ඉතින් ඔය හේතු නිසා මම යන යන තැන් වල පොඩි පොඩි වලි පුලිඟු ඇති කරගන්නවා වැඩියි. හැබැයි ගොඩක් සනික කෝපය තියෙන එවුන්ට වගේ මටත් ඒ කෝපය ලොකු වෙලාවක් අල්ලලා හිටින්නේ නෑ. ගොඩක් වෙලාවට විනාඩි පහක් වගේ ඇතුලත මගේ මල සමනය වෙනවා. මම හිතන්නේ මං දාගන්න කේස් කවදාවත් දුර දිග යන්නේ නැත්තෙත් ඒකයි. ගොඩක් වෙලාවට මගේ මල සමනය වුනාම මම ගහපු බැනපු එවුන්ගෙනුත් මම ම පස්සෙන් ගිහිං සමාව ඉල්ලලා තමයි වැඩේ අහවර වෙන්නේ. ඒක නිසා වයිර බැඳගන්න තියෙන අවස්ථාව අඩුයි. හැබැයි පුතෝ මට මල පැන්නම නම් ඒ වෙලාවට මගේ මොලේ කෙලින්ම ඕෆ් වෙනවා ! තනිකර සතෙක් වගේ තමයි ඒ වෙලාවට හැසිරෙන්නේ. 


මමත් ඉතින් රහත් වෙලා නෑ නේ. කැරීම ego එකක් සහ මහන්තත්තයක් තියෙනවා මට.ඉතින් මගේ මල ඉතිහාසයෙන් ගූ පොදක් අද  මම කියන්නම්.


ඔන්න එක දවසක් උදේ මම කැම්පස් යන්න පිටත් වුණා. මගේ කලින් කතා වලත් කිව්වා වගේ ඒ කාලේ මගේ නිල වාහනය වුණේ තාත්තා මට අරන් දීපු සුසුකි dr125 ට්‍රේල් බයික් එක. (බයික් එකේ කරපු තව වීරක්‍රියාවක් කලින් ලිව්වා ඒක පලවෙනි කොමෙන්ට් එකේ දාන්නම් කැමති අයට කියවන්න). එදා කොහොමහරි කැම්පස් එකේ උදේම ප්‍රසන්ටේෂන් එකක් තිබ්බ දවසක්. දන්නවනේ ඉතින් අපේ වැඩ, අන්තිම මොහොතේ තමයි ඕකට යන්න ගෙදරින් පිටත් වුණේ. පරක්කු වෙලා තිබ්බ නිසා ඔන්න ගිනි පුක් මෝඩ් එක ඔන් කරගෙනම තමයි බයික් එක පාරට දැම්මේ. ගමන් පටන් අරන් වැඩි දුරක් යන්න කලින් තෙල් තත්වේ පොඩ්ඩක් අඩු වෙලා තිබ්බ නිසා කලබලේම ගෙවල් ළඟ ෂෙඩ් එකට ඇල්ලුවා බයික් එක. 

එතැනදී මගේ අතින් ඇත්තටම පොඩි බලු වැඩක් වුණා. කලබලේ නිසා මම බයික් එක ෂෙඩ් එකට දැම්මේ මට ඉස්සරහින් ගියපු බස් එකක් ඕවර්ටෙක් කරලා සනිකව ඌව කපාගෙන ! මට ඩ්‍රයිවින් කියා දීපු අපේ තාත්තා මම L බෝර්ඩ් කාලේ මට අම්බානට බැනලා තියෙනවා ඔහොම පාරේ යනවට. කොහෙද ඉතින් කලබල අල්ලපනල්ලේ මටත් ඒක වැඩි ගානක් නැතුව ගිහිං , තනිකර ඈස්හෝල් විදියට තමයි මම බයික් එක පාර හරහා දැම්මේ. මම දාපු විදිය ගැන අදහසක් ගන්න මේ පහල රූප සටහන බලන්නකෝ.



( බලහන්කො ඉතින් මේ වගේම රූප සටහනක් ඇඳලා මේ වගේ පාරේ යන එවුන්ට මම කලින් දවසක බැන්නා , ඒ වුණාට මොකෝ බලන් ගියාම මමත් වැඩි වෙනසක් නෑ 😛 )

කොහොමහරි ඉතින් ඔන්න මම දැන් බයික් එක මේ  ආකාරයට ෂෙඩ් එකට අල්ලලා ඔන්න පෝලිමේ ඉන්නවා තෙල් ගහගන්න. ටිකක් දිග පෝලිමකුත් තිබ්බා. මට සිරාවටම හාන් කවිසයක ගානක් නෑ මම අර දාපු කැරි දැමිල්ල ගැන. ඔහොම පෝලිමේ ඉන්නකොට මෙන්න එක පාරටම කොහෙන්ද මන්දා එකෙක් ඇවිත්..

“මොකද්ද හු*% අර දාපු දැමිල්ල???” කියලා මගේ ලඟට ඇවිත් බෙරිහන් දීපි !

“කොහෙද හු%$ගේ පුතෝ දැම්මේ… අම්මට හු*%^$ උඹේ..”

“තව පොඩ්ඩෙන් හැප්පෙනවා..”

“මැරෙන්නද ප% හදන්නේ???”

“වේ%$ගේ පුතා..”

බලනකොට බස් එකේ කොන්දා බස් එක නවත්තලා බැහැලා ඇවිත් මට බනින්නම. මූ දැන් අපේ අම්මා මතක් කර කරම මට බනිනවා. 

හරි දැන් උඹලා හින්දි ෆිල්ම් , දෙමල ෆිල්ම් එහෙම බලලා තියෙනවනම් ඔන්න මේ අවස්ථාවේදී තමයි සන්සුන් වීරයාට මල පනින්නේ , හා නැද්ද ? ඒ කිව්වේ ඔක්කොම බැනුම් සන්සුන්ව අහගෙන ඉඳලා අම්මව මතක් කලාම එක පාරට රජිනි කාන්ත් වගේ ෆෝර්ම් වෙලා වීරයා දුෂ්ටයාට ගහනවා. ඕකනේ සාමාන්‍යයෙන් කතා වල වෙන්නේ ? හැබැයි පුතේ මේ කතාවේ මට එහෙම මල පැන්නේ නෑ අරූ අච්චර අම්මා මතක් කර කර මට බනිද්දීත්. මොකෝ වැරැද්ද මගේ නේ..

මම සිරාවටම වැරදි දෙයක් කලේ අර විදියට පාර හරහා දාලා. ඉතින් මට වැරැද්ද කරලා තව කියවන්නත් බෑ නේ. ඉතින් එක නිසා කොන්දා මට එච්චර අම්මා මතක් කරද්දීත් මම කට වහන් හිටියා අව්ලක් නෑ මගේ නේ වැරැද්ද කියලා.

ඒ ඔක්කොමත් හරි. ඔන්න දැන් මූ මට අම්මා මතක් කරලා බැනලා බැනලා ඉවර වුණා. ඉවර වෙලා මූ අහනවා..

“මොකද උඹ බලන්නේ?? මොකද උඹ බලන්නේ ආ කැ%යා ????” කියලා !

ඔන්න හරියටම ඒ මොහොතේ තමයි පින්වතුනි පින්වත් ගැබා පුතණුවන්ට මුගේ අම්මට හුකවන්න තරම් මලක් ආවේස වුණේ !!!

වෙන මොකක්වත් හින්දා නෙමෙයි , මේ පරයා යකෝ මට සද්දේ දැම්මේ අපේම ගෙවල් පහල ඉඳන් !මගේ ප්‍රාන්තේ ඉඳන් ! වටේම තියෙන්නේ මගේ යාලුවන්ගේ කඩ , අඳුරන මිනිස්සු හැමතැනම ! ඒ මොක නැතත් ඌ මට ගහලා ගියත් උට මාව  හොයාගන්න බෑ , හැබැයි බස් ස්ටෑන්ඩ් එකට ගියා නම් මට ඌව හොයාගන්න පුළුවන් ! ඒ නැතත් ඌ දවසට හතර පස් පාරක් අපේ ප්‍රාන්තේ හරහා උගේ බස් එක එලෝගෙන යන්න ඕනේ ! ඒ ඔක්කොම බැලුවම යකෝ මට ඕනේ නම් මුට හුකෝලා මලෝලා මැල්ලුමක් කරලා ගන්න පුළුවන් !

එච්චර තියාගෙනත් මම වැරැද්ද වුණේ මගේ අතින් නිසා, මූ අච්චර අපේ අම්මට බනිද්දීත් කට පියන් , මූ මගෙන් අහනව …. “මොකද බලන්නේ ? මොකද බලන්නේ ?” කියල !
ආයේ ඉතින් වෙන මුකුත් නෑ , දැට්ස් ඉට් මදෆකා කියලා මම ගැහුවා බයික් එකේ ස්ටෑන්ඩ් එක!

ගහලා බිමට බැස්සා. අතේ තිබ්බේ තෙල් ගහන්න ගලෝ ගත්තු මූඩිය ! ආයේ ඉන්දියන් කසි කබල් වගේ නෙමෙයි පුතේ හොඳ ජපන් පරණ යකඩ මූඩියක්. කෙලින්ම මූඩිය අතට අරන් ඒකෙන්ම කෙලලා ඇරියා කැරියගේ හොම්බටම ! 

මම මෙච්චර වෙලා කට වහන් හිටපු නිසා එක පාරටම ආපු ප්‍රහාරය පොරව සර්ප්‍රයිස් කළා. මමත් ඉතින් එතනින් නොනැවතී කොන්දට කෙළගෙන කෙළගෙන ගියා! මූත් දැන් මට ගහනවා ! හැබැයි පට්ට ආතල් එක කියන්නේ මම ඉන්නේ ෆුල් ෆේස් හෙල්මට් එක දාගෙන නේ .. ඉතින් ඌ ගහන ඒවා වැදෙන්නේ මට නෙමෙයි හෙල්මට් එකට ! උටම තමයි ඒකෙනුත් රිදෙන්නේ ( පව් හුත්තෝ 😂 ). කොහොමහරි ඔන්න දැන් අපි දෙන්නම කෙලගන්නවා පූසෝ දෙන්නෙක් වගේ.

එතකොටම බස් එකේ ඩ්‍රයිවරුත් බැහැලා ආවා ඒයි ඒයි ගාගෙන. මේ වෙලාව වෙනකොට මගේ අර මරුවා ආවේස වෙලා හිටියේ. ඩ්‍රයිවර් නෙමෙයි බස් එකේම උන් බැහැලා ආවත් මුන්ව මරාගෙන මැරෙන මෝඩ් එකේ තමයි මම හිටියේ. එතකොටම හැබැයි ෂෙඩ් එකේ මැනේජරුයි තව වැඩ කරන එවුන් ටිකකුයි ඇවිත් වලිය බ්රේක් අප් කළා.. ( මගෙත් වෙලාවට , මොරාල් එකට ඔක්කොටොම ගහන්න ගියාට මොකෝ මම බ්රූස් ලී යෑ 😛 )

“ඒ ඒ  අපේ කස්ටමර්ස්ලට කරදර කරන්න එපා.. යනවා යනවා” කියලා ඔන්න දැන් ෂෙඩ් එකේ උනුත් මගේ පැත්ත අරගෙන. ඩ්‍රයිවර්ටයි කොන්දටයි කරන්න දෙයක් නෑ දැන්. උන් දෙන්නා පසු බැස්සා.

හැම කතාවේම වීරයා දුෂ්ටයන්ට නිකන් ගහලා විතරක් එන්නේ නෑ නේ. පන්ච් ලයින් එකක් දීලා පොඩි ඇඩ් එකකුත් දීලා තමයි බැස්ටිය නිමා කරන්නේ. රජිනි කාන්ත් වුණත් එහෙම නේ. ඔන්න ඔක්කොම දැන් මගේ පැත්තට කැරකෙන වෙලාවේ , මේක තමයි මගේ වෙලාව රඟන්න.

මම කෙලින්ම අර කොන්දා ඉස්සරහටම ගිහිං හිට ගත්තා. ගිහිං මෙච්චර වෙලා මම දාගෙන හිටපු හෙල්මට් එක ගැලෙව්වා. ගලවලා අතින් මගේ මූණ උට පෙන්නලා මෙහෙම කිව්වා

“කැරියා මගේ මූණ බලාගනින්.. මමත් පන්නිපිටියේ තමයි..”

( සභාවෙන් විසිල් පාර සහ ඔල්වරසන් !!! )

ගැම්මට එහෙම කිව්වට මොකෝ මමත් පන්නිපිට්යේ අඳුරන මරුසියෙක් නෑ , මම ඉතින් නර්ඩ් ඩයල් එක නේ. හැබැයි අරූ නම් බය වුනා ඒකට දොබෙන් යන්න 😀 :D. ඔන්න ඔහොමයි ඒ කතාව ඉවර වුණේ. ගැබා 1 – කොන්දා 0
%d bloggers like this: