Menu Close

උසේන් බෝල්ට් පරදවන තවත් මීහරක් ධාවකයෙක්.

නිවාස් ගවුඩා විසින් ලෝක ශූර උසේන් බෝල්ට්ගේ මීටර් 100 ලෝක වාර්තාව බිඳ දමා දින කිහිපයක් ගතවීමටත් මත්තෙන් තවත් ‘කම්බාලා ධාවකයෙක්’ පසුගිය ඉරිදා ගවුඩාගේ වාර්තාවද බිඳ දමා තිබෙනවා.

මෙලෙස ග්‍රීන්වාස් ගවුඩාගේ වාර්තාව බිඳ දමා ඇත්තේ කර්ණාටක ප්‍රාන්තයේ බජහෝලි ජෝතිබෙට්ටුහි නිශාන්ත් ෂෙට්ටි විසින්.

පසුගිය සතියේදී දකුණු ඉන්දීය කම්බාලා ධාවන පථයකදී (හරකුන් සමග ධාවනයේ යෙදෙන මඩ සහිත ධාවන පථයක්) ශ්‍රී නිවාස් ගවුඩා මීටර් 143ක දුරක් විශිෂ්ට ධාවනයක යෙදුණු අතර එහිදී ඔහු මීටර් 100 සීමාව පසුකර තිබුණේ තත්පර 9.55ක කාලයක් පමණක් වැය කරමින්.

නිශාන්ත් ෂෙට්ටි සිය මීටර් 143ක ‘මඩ ධාවනය’ සඳහා වැයකර ඇති කාලය තත්පර 13.68කි. ඔහු මීටර් 100 සීමාව පසුකරන විට වැයකර ඇත්තේ තත්පර 9.51ක කාලයක් පමණයි.

ලෝක ශූර උසේන් බෝල්ට් මීටර් 100 වේගවත්ම ධාවකයා ලෙස සිය ලෝක වාර්තාව පිහිටුවා ඇත්තේ තත්පර 9.58ක කාලයක් වාර්තා කරමින්.

කෙසේ වෙතත් ගවුඩාට හා සමානව ක්‍රීඩා බලධාරීන් විසින් ෂෙට්ටිටද නිල ධාවන පථය වෙත ආරාධනා කර ඇත්දැයි යන්න පිළිබඳව මේ වනතුරුත් ඉන්දීය මාධ්‍ය වාර්තා කර නැහැ.

Share with Friends

%d bloggers like this: