Menu Close

ආසියා ප්‍රබලයින්ගේ සහ ලෝක ප්‍රබලයින්ගේ කරට කර සටනට කෝලිටත් ඇරයුම්.

බංගබන්දු අවුරුදු 100 සැමරුම වෙනුවෙන් ලෝක XI සහ ආසියානු XI කණ්ඩායම් අතර තරග 3කින් සමන්විත විස්සයි 20 තරගාවලියක් ලබන මාසයේ ඩකා නුවර පැවැත්වීමට නියමිතයි.

මෙහිදී ආසියා XI කණ්ඩායමට එක් තරගයක් සඳහා විරාත් කෝලි සහ කේ.එල්. රාහුල් කැඳවීමට තීරණය කර ඇති අතර එම තරග 3 සඳහා ශිකර් ධවාන්, රිෂාබ් පන්ට්, කුල්දීප් යාදව් සහ මොහොමඩ් ෂාමි යන ඉන්දීය ක්‍රීඩකයන් සිව්දෙනා ද ඇතුළත් වෙනවා.

බංග්ලාදේශ ක්‍රිකට් මණ්ඩලයේ සභාපති නස්මුල් හසන් පසුගියදා ඩකාහි ක්‍රීඩකයින්ගේ නම් ප්‍රකාශයට පත් කළා. මෙහිදී ලෝක XI කණ්ඩායම වෙනුවෙන් ෆෆ් ඩු ප්ලෙසිස්, ක්‍රිස් ගේල්, රෂීඩ් ඛාන් සහ ජොනී බයර්ස්ටෝ ක්‍රීඩකයන් ඇතුළත් වෙනවා.

කෙසේ වෙතත් විරාට් කෝලි මෙම තරගයට සහභාගී වෙනවද? නැද්ද? යන්න ඔහු තවමත් ප්‍රකාශ නොමැති බවයි වාර්තා වන්නේ.

Share with Friends

%d bloggers like this: