Menu Close

ආධුනිකයෝ එලියකන්දේදී වැඩ පෙන්වයි.

සදර්න් මෝටර් රථ ක්‍රීඩා සමාජය 2020 වසර සඳහා සංවිධානය කළ ‘සදර්න් ස්පීඩ් ෆියෙස්ටා’ මෝටර් රථ තරග සැණකෙළියේ ප්‍රධානම අංගය වූ මෝටර් රථ රැළිය ජයගැනීමට ලසිත් මනුජය සහ තුසිත් පතිරණ සමත් වුණා.

සෙසු තරගකරුවන්ට වඩා අඩු ඍණ ලකුණු සංඛ්‍යාවක් ලබාගනිමින් ඔවුන් දෙදෙනා එම ශූරතාවට හිමිකම් කී අතර එහිදී ලසිත් මනුජය රියැදුරා ලෙසත්, තුසිත් පතිරණ ඔහුගේ මාර්ගෝපදේශකයා ලෙසත් කටයුතු කළා.

මෝටර් රථ රැළියේ දෙවැනි ස්ථානය හිමිකර ගැනීමට බුවනෙක විජේසිංහ (රියැදුරු) සහ සුරංග බුද්ධික (මාර්ගෝපදේශක) සමත් වූ අතර සෑම් චන්ද්‍රසෝම (රියැදුරු) සහ එස්.කේ. මෙතුන්සංඛ (මාර්ගෝපදේශක) එහි තෙවැනි ස්ථානයට පත් වුණා.

මෝටර් රථ රැළියේ ආධුනික කාණ්ඩයේ ශූරතාව දිනාගනු ලැබුවේද ලසිත් මනුජය සහ තුසිත් පතිරණ විසින්. කුෂාන් තලගහවත්ත (රියැදුරු) සහ චාමික රණතුංග (මාර්ගෝපදේශක) එම කණ්ඩයේ දෙවැනි ස්ථානයත්, තුෂාන් දේවනාරායන (රියැදුරු) සහ අකිල ගුණවර්ධන (මාර්ගෝපදේශක) එහි තෙවැනි ස්ථානයත් හිමිකර ගත්තා.

රැළියේ කණ්ඩයාම් ශූරතාව දිනාගැනීමට ‘අයන් මෑන් 4×4’ කණ්ඩායම සමත් වූ අතර ‘චානා’ සහ රුවන්සිරි යන කණ්ඩායම් පිළිවෙලින් එහි දෙවැනි සහ තෙවැනි ස්ථාන වලට පත්වුණා.

මෝටර් රථ සැණකෙළියේ තවත් ඉසව්වක් වූ මොටෝකානා තරගාවලිය ඔටෝ (වේග පාලක රහිත) සහ මැනුවල් (වේග පාලක සහිත) ලෙස කාණ්ඩ දෙකක් යටතේ පැවැත් වුණා. එම කාණ්ඩ දෙකේම ශූරතා දිනාගැනීමට රජිත උළුවිට සමත් වෙද්දී අෂ්හර් හමීම් කාණ්ඩ දෙකේම දෙවැනි ස්ථාන හිමිකර ගත්තා.

Share with Friends

%d bloggers like this: