Menu Close

162. වර්ණවත් හීන දකින්නේ කවුරුන්ද? – Diving III

 දිනය 2019 මාර්තු 30 වන දිනයි. මාගේ මතකය නිවැරදිනම් එදින සෙනසුරාදාවකි. 
පෙරදින කතා කරගත් පරිද්දෙන් තෙශා උදේ 6.10 ට පමණ පැමිණියේ සුපුරුදු උණෙනි. 
අප උදේ 7.00 වන විට මීගමුවට යා යුතුව ඇත.

 අප කිමිදුම් ශිල්පය හෙවත් Diving ඉගෙන ගැනීමට යා යුතු වන්නේ මීගමුවේ හෝටල් පාරේ Sri Lanka Diving Tours ආයතනය වෙතටය.

මා ජීවිතයේ මින් පෙර කිහිප වතාවක් කිමිදී ඇත්තෙමි. ඉන් එක් වරක් නැතහොත් ප්‍රථම වතාවට කිමිදුනේ මාගේ පළමු කිමිදුම් ගුරු වන ශානක රාජකරුණා සමගය.
ඒ මීට වසර 15 කට පමන පෙර කල්පිටියේදීය. අප කල්පිටිය තෙක් ගියේ ශ්‍රී ලංකාවේ ප්‍රථම පජේරෝව ලෙස බෞතීස්ම ලැබු; එවකට යුනයිටඩ් මෝටර්ස් ආයතනය සතුවූ 32ශ්‍රී0555 දරණ රථයේය. අප පවුල් දෙකෙහි පුතුන් කූට්ටම හා දූවරු කූට්ටම සමග අපි අට දෙනෙකු ගමනට සහභාගී විය. 

අප නවාතැන් ගත්තේ මාගේ පාසල් මිතුරකුවූ උපනන්ද සේවය කල නාරා ආයතනයට අයත්ව තිබුණු වෙරළ ආසන්නයේ වූ බංගලාවකය. 

අප එහි ළඟාවී ටික වේලාවකින් බෝට්ටුවක් කුලියට ගැනීමට ශානක සමත් විය. එම බෝට්ටුවෙන් වෙරළේ සිට කිලෝමීටර 35 ක් දුරිණ් පිහිටි  කොරළ් පරයක් වෙතට ළඟා වී ඒ වටා  ස්නෝක්ලින් කිරීමේ යෙදුනෙමු. ප්‍රථම වතාවට මා ෆින්ස් දැමූවේ එදාය. 

“මචං ෆින්ස් දාලා වෙරළේ ඇවිදිනවිට පස්සෙන් පස්සටයි යන්න ඕන! නැත්නම් වැටෙනවා !!” මා වරල් සමග සුපුරුදු ලෙස ගමන් ගැනීමට සූදානම් වූ විටෙක ඔහු කීවේය.

සාමාන්‍යයෙන් වරල් පැළඳ වැල්ලේ හෙවත් වෙරළේ ඇවිද යන්නට හේතුවක් නොමැත.

 Diving Site එකට හෙවත් කිමිදුම් ඉසව්වට බෝට්ටුවකින් ගමන් ගත් අයෙකු වරල්  පමනක් නොව ඔක්සිජන් ටැංකි, BCD, ගොගල්ස් නැතහොත් මාස්ක් ආදී එකී මෙකී නොකී සියල්ල සිරුරට අමුනා ගන්නේ බෝට්ටුවේ සිටයි. එසේම කිමිදීමෙන් පසු කිමිදුම්කරු නැවත ගොඩ වදින්නේද පෙරකී බෝට්ටුවටමය. 

කිමිදුම්කරු බෝට්ටුවට පැමිණි විගස කරණ්නේ සියළුම ආම්පන්න වලින් නිදහස් වීමය. බෝට්ටුව තුලදී ඉනවටා පළඳින බර පටිය ගලවා බෝට්ටුව තුලට ලබා දෙන්නේ දිය මතුපිටට පැමිණි විගසමය.

ඒ කෙසේ වෙතත් කිපිදුම් වරල් හෙවත් ෆින්ස්  පැළඳ; මුහුදු වෙරළේ නම් ඉදිරියට ගමනක් නැත්තේමය. යනවා නම් ඒ පසුපසටමය! 

එදින අප ඔක්සිජන් ටැංකි; කිමිදුමට ඇඳා නොගත්තෙමු. කොටින්ම එය SCUBA Diving එකක් නොවීය.

පසු කලෙක ත්‍රිකුණාමළයේ පරෙවි දූපත අසලද කිමිදී තිබුනි. 

මා ප්‍රථම වතාවට BCDයක් ඇඟලන්නේ; ඔක්සිජන් ටැංකියක් පිටෙහි බැඳගන්නේ; ඔක්ටෝපසයක සෙකන්ඩ් ස්ටේජයක් තුලින් හුස්ම ගන්නේ ත්‍රීකුණාමළයේ නිලාවැළී හී දීය. ඒ තනිව නොව වසිකද සමගිනි.

ඒ; ඩයිවින්ග් සෙන්ටර් එකක සිටි සුපිරි ගනයේ ඩයිවින්ග් මාස්ටර් කෙනෙකු සමගය. එදින අප තිදෙන අඩි 25 ක පමණ ගැඹුරක කිමිදුනෙමු. එහිදී මාහට අමතක නොවන සිද්ධියක් සිදුවුණි. 

 මා දිය යට සිටි සෑම මොහොතකම මාගේ ආදරණීය පුතු වසික කොහිදැයි විමසිල්ලෙන් විය. මද වේලාවක් කිමිදීමෙන් පසු මා ගේ දෘෂ්ඨියෙන් හේ අතුරුදහන්වී සිටියේය.

 BDCය ඇඳ ඔක්සිජන් ටැංකි පිටේ එල්ලාගෙන; සිලින්ඩරවලට සවි කෙරුණු රෙගියුලේටරයේ සිට ඇදුණු බට හතරක් ඇඟ වටේ ඔතාගත් පසු බෙල්ල; සාමාන්‍ය පරිදි එමේ අත; පොට යනතෙක් කරකැවීමට නොහැක.

මුහුණ වටා පැළඳි මාස්කයෙන්ද දැකීම සීමා කොට තිබුණි.

මම ඉදිරිය බලුවෙමි. වසික නොපෙනේ. වම් පසද දකුණු පසද බැලුවෙමි. ඔහු නැත. ඒවන විට අප සිටියේ අඩි 20ක පමන ගැඹුරකය. තවත් පහලින් මුහුදු පතුල පෙනේ. 

පතුල බැලුවෙමි – ඔහු මුහුදු පතුලට ගිලී ගොස් ද ? පෙනෙන්නට නොමැත. මා අසල ඩවින්ග් මාස්ටර් හෙවත් මග පෙන්වන්නා සිටී. ඔහුගෙන් මා කුමක් අසන්නද? කෙසේ අසන්නද?

කිමිදීමේදී අදහස් හුවමාරු කරගන්නා සංඛේත කිහිපයකි. ඒ සියල්ල හස්ත මුද්‍රාවෙනි. ඒවා ජාත්‍යන්තර සංඛේතයන්ය. එම නිසා ඒවා ත්‍රිකුණාමළයට පමණක් නොව මීගමුවටද එකසේ සාධාරනය.

 ඉංදියන් සයුරට පමනක් නොව පැසිපික් සයුරට මරියානා ආගාධයට පවා ගැලපේ.
මෙහි කොතැනකවත් “මගේ පුතා කොහිද?” කියා තබා “මා එක්ක කිමිදුනු අනෙක් එකා කෝ?” කියලාවත් අසන්න ක්‍රමවේදයක් නොමැත.


මගේ කටේ කෙල සිඳිලාය.

 එදින මේ කරන කිමිදීම සම්බන්ධයෙන් මා සමග සිටි නෑ දෑ සමූහයාගෙන් එකෙකුවත් කැමැත්තක් පල නොකලේය.

 මාගේ “අතිබිහිසුණු කොණ්ඩා මෝස්තර” පිළිබඳව කිසියම් නිවැරදි වැටහීමකින් සිටි මාගේ පවුලේ උදවිය පමනක් දත කට පියාගෙන “කිව්වා නාහන ගුරු අභ්‍යවකාශ ගත උනත් එකයි! මහ මුහුදේ කිමිදුනත් එකයි!!” කියා සිතමින් මුවින් නොබැන සිටියෝය. 
එයිනුත් වසිකයා හෙවත් මාගේ ඕනෑම මැර ක්‍රියාවකදීම ක්‍රියාකාරී සාමාජිකයෙකු ලෙස සහභාගී වන සගයා මා සමග කිමිදීමට එකඟ විය. 

සෙසු සාමාජිකයින් දෙදෙනා මහ මුහුද මැද නැංගූරම් ලා තිබුනු බෝට්ටුවේය. බෝට්ටුව තිබුනේ වෙරළෙන් කිලෝමීටර 12 ක් ඔබ්බෙනි. මාගේ හිතුවක්කාර කමහා බැඳුනු දරුවාව සොය මින් මම මෙම බෝට්ටුව අසල මුහුදේ අඩි 20 ක් පමනගැඹුරේය.

මා නැවතත් වමත් දකුණත් පහලත් විපරම් කොට අවසානයේදී මහත් වැර වෑයමෙන් යුතුව ඉහල බැලීමි. දෙයියනේ වසිකයා; හරියටම මට ඉහලින්ය!

එදින මා ඉගෙන ගත් පාඩම් අතර තමාට සුදුසු හෙවත් තම මුනට ගැලපෙන මාස්කයක් තෝරා ගන්නා හැටි හා තවත් කුඩා අභ්‍යාස කිහිපයක් විය.

මාස්කය මුහුනට තබා; පිටුපස පටිය නොදමා; යන්තමින් ඉහලට හුස්මක් ගෙන නවතා ගත් පමණින් එය මුහුණට බද්ධව සිරවිය යුතුය. මන්ද පොල්බෑමූණාට හරියන්නට නිපදවූ මාස්කය ඉඳිකටු පැංචාට නොගැලපෙන නිසා ඔවුන් තම තමන්ගේ මුහුණට ගැලපෙන එක මෙසේ සොයා ගත යුතුය.
මේ සියල්ල සිදුවී වසර ගනනාවකි. සිංහල අපගේ මතකය ගැන නිවැරදි ප්‍රකාශනය කලේ ප්‍රභාකරණ් යයි කියනු ලැබේ. ඉතින්  වසර ගනනාවකට පෙර උගත් දේ ගැන කවරනම් කතාද?

මමත් තෙශාන්තත් පිම්මේය. ඔහුගේ Toyota LN 107  252-6565 4WD Double Cab රථය වයසට නොගැලපෙන වේගයක් අරාගෙන ඉගිලෙයි.

“මචං! උඹ උදෙට කෑවාද?” මා කට හඬ අවදි කලෙමි.

“පිස්සුද බං! වයිෆ්ට සහලෝල උන ! පොඩි එවුන් දෙන්නාත් අවුල්. අද මේ මගුලට ආවට ගෑනි මලේ ඉන්නේ. මොනවා කන්නද බං!?”

“අම්මට සිරි! එහෙනං මීගමුවෙන් මොනවා හරි කාලා යං! උන් අපිට කන්න දෙන එකක් නෑනෙ . . . !? මම පොඩි යෝජනාවක් දැම්මේ බොක්කුවක් උඩින් පියාඹමින් සිටිනා විටදීය.

“යකො! ලයිට් ඩයට් එකක් දාන්න කිව්වේ . . .!”

“හරි එහෙනං හාඩ් වෙයාර් එකක් ගාවින් නවත්තහං! CFL දෙකක් ගමු යන ගමන් කන්න . . !”

මීගමුවට අප ගියේ මිනුවන්ගොඩින් කටුනායක හරහා  ගොස්ය. අපි ගිය යෑමට මීගමුව නගරය විනාඩි 5 කින් 10 කින් පහු කර දැමීය. අප හැරිය යුත්තේ හෝටල් පාරටය. 

එවිටම වාගේ තෙශාගේ දූරකථනය නාද විය!

“හරි මිසිස් ෆර්නෑන්ඩො! අපි ඉන්නේ මීගමුවේ. මේ හෝටල් පාරට හැරෙණ ගමන් . . !”

“කෝ බං හෝටල් පාර . . . ?”

“උඹ කට වහගෙන ඉඳිංකො . . ! මේ මාමෙ හෝටල් පාර කොයි හරියෙද? අපිට පොඩි දෙයක් කන්නත් ඕනෙ!” තෙශාන්ත පාර අයිනේ හිටිය තළතුනා අයෙකුගෙන් විමසීය. (හරි හරි අපිත් තළතුනා තමයි! කවුද නෑ කිව්වේ!)

“මාත්තයලා හෝටල් පාර පහුකරලා හැතැප්ම දෙකක් විතර ඇවිල්ලානෙ. ආයෙ හරෝගෙන කොලොම් පැත්තට යන්න.”.

මාමාට කථාව කියා පුල්ස්ටොප් එක තියන්නත් කලින් මහ පාර මැද තෙශාන්ත ඉංග්‍රීසි කැපිටල් යූ අකුරේ හැඩේට වාහනය නැව්වේය.

“හෝටල් පාරෙ කන්න තැන් එමට . . !” දූවිලි අස්සෙන් මාමා කෑගෑවේය.

“මගුලක් කියනවා!”

අපි ආපසු හැරී එනාතුර තිබූ තරු පහේ තෝසෙ කඩේකින් බිත්තර තෝසේ සමග වඩේ කා හෝටල් පාරට පැමිණියෙමු.

තවත් විනාඩි ගනනක් යන විට අප Sri Lanka Diving Tours අභියස විය!
මං එන තුරු ඉඳිකඩ ළඟ- ඉන්නවා . .වා . .වා . .වා . .ද . . හම්මේ . . ?

මැරෙන්නට ඇති ආසාව . . !
අප එන තුරු ප්‍රනාන්දු මහත්මිය දොර කඩ ලඟය!  ඉන්පසු ඇය අපට ඩයිවින්ග් ගැන  කුමාරෝදය කියවීම පටන් ගති.

මම ඉස්කෝලේ දෙකේ තුනේ පන්තියේ සිට බස් එළවපු අයෙකි. ඒ එකල බස් රථවල රියැදුරු අසුනට පිටුපස හරහට සවිකල පොල්ලේ සිටය.  
වැඩිදුර පුහුණුව ලැබූවේ ගෙදරට සීනි තේ කොල ගෙනෙන්නට කඩේ යන ගමන්ය. එය මගේ පමනක් නොව කොල්ලන්ගේ සිරිතය.  
මනෝමයෙන් වසර ගනනාවක් බස් එළවපු මා තාත්වික ලෝකයේ වාහන එලෙව්වේ ඊට බොහෝ කලකට පසුවය!

ඩයිවින්ග් ද එසේමය. මා ඊට පෙර වසර ගනනාවක් ගං දියේ; දියවන්තෙක් සිට පසුව තෙවතාවක් මුහුදේ කිමිදී ඊටත් වඩා ඒ පිළිබඳව සොයාගත් පොත පත, වීඩියෝ පරිශීලණය කොට කුමාරෝදය කට පාඩම් විය.
තෙල බෙදමින් . . . 
(ෆෝන් එකට යටවී ඇත්තේ; අත්තිකාරම වශයෙන් ගෙවූ; දුක් මහන්සියෙන් උපයා සපයා ගත් ගෙඩි රුපියල් පනස් දහසය!)
කිමිදෙන්නත් ඕනෑ – හැබැයි මලාට වග නෑ . . !
ඉන් පසුව සිදුවූයේ අපගේ පෝරම කොල , ප්‍රකාශන, ආදිය පුරවා අවසන් කිරීමය. පෝරම කොල පුරවද්දීම වීඩියෝවක් දිවුනි. සියලු සැණකෙළි අවසන් ය!

“Good Morning! I’m Felician Fernando ! Are you ready? Shall we start?”

එතෙක් කුරුල්ලන්සේ සිටි කාලය අවසන් කරමින් Sri Lanka Diving Tours හි ප්‍රධාන උපදේශක ෆිලීශියන් ජේ ෆර්නැන්ඩු එතැනට කඩාපාත් විය.

එතැනින් ගබඩා කාමරයකට ගිය අප  කිමිදුම් මාස්කය, රෙගියුලේටරය, BCD ය ඔක්සිජන් ටැංකිය පිළිඹඳව ප්‍රායෝගිකව උගත්තෙමු. කිමිදුම් ඇඳුම් වලින්  හැඩ උනෙමු.  BCD යක් ඇඳ ගත්තෙමු. ඔක්සිජන් ටැංකියක් ද එල්ලා ගෙන තවත්  මොහොතකින්  අප ඔහුත් සමග ඉහල මාලයේ පිහිටි යෝධ වතුර ටැංකියක් අභියස විය.
ආතල් ඉවරයි –  හ්ම්! යමු යමු ඇති දැන් විහිළු කලා . . !

%d bloggers like this: