Menu Close

කෙදෙව් කණ්ඩායමට සියයට 40ක දඩයක්.

ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම් අතර කොළඹ එස් එස් සී ක්‍රීඩාංගණයේ පැවති පළමු එක්දින තරගයේදී එක් කඩුල්ලක තියුණු ජයක් හිමි කරගැනීමට ශ්‍රී ලංකාව පෙරේදා සමත් වුණා.

එම තරගයේ දී නියමිත කාලයට පන්දුවාර සංඛ්‍යාව කි‍්‍රයාත්මක නොකිරීම හේතුවෙන් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට දඩයක් නියම කිරීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය පියවර ගෙන තිබෙනවා.

නියමිත කාලය තුළ දී බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම යවා නොමැති පන්දුවාර සංඛ්‍යාව 2ක්.

කොදෙව් නායක කරන් පොලාඞ් ද එම වරද පිළිගෙන ඇති බව ජාත්‍යන්තර කි‍්‍රකට් කවුන්සිලය සඳහන් කළා.

ඒ අනුව කොදෙව් කී‍්‍රඩකයින්ට තරග ගාස්තුවෙන් සියයට 40 ක දඩයක් එම කවුන්සිලය විසින් නියම කර තිබෙනවා.

Share with Friends

%d bloggers like this: