Menu Close

CH&FC වෙතින් ගුවන් හමුදාවට ප්‍රහාරයක්.

ඩයලොග් අන්තර් සමාජ ලීග් රග්බි තරගාවලියේ CH&FC කණ්ඩායම සහ ගුවන් හමුදා ක්‍රීඩා සමාජය අතර අද (22) දින පැවති තරගයෙන් ලකුණු 26 – 17ක් ලෙස ජය ගන්නට CH&FC කණ්ඩායම සමත් වුනා.

කොළඹ තුරඟ තරග පිටියේ දී පැවති තරගයේ අවසන් මිනිත්තු 15 දී CH කණ්ඩායම ක්‍රීඩකයින් 14 දෙනෙකුට සීමා වූ නමුත් ඔවුන් කෙසේ හෝ තරගයේ අමතර ප්‍රසාද ලකුණ ආරක්ෂා කර ගන්නට සමත් වුනා.

පළමු අර්ධය අවසානයේ CH&FC කණ්ඩායම 12 – 05 ලෙස පෙරමුණ ගත්තා. දෙවෙනි අර්ධයේදී තවත් ලකුණු 14 ක් ලකුණු පුවරුවට එකතු කර ගැනීමට CH&FC කණ්ඩායම සමත් වෙද්දී ගුවන් හමුදා කණ්ඩායමට ලකුණු 12 ක් පමණයි ලබා ගත හැකි වුණේ.

තරගයේ වීරයා CH&FC කණ්ඩායමේ කුෂාන් ඉඳුනිල්.

ලකුණු රැස්කළ ක්‍රීඩකයෝ:

  • CH&FC කණ්ඩායම – ප්‍රසාද් මධුශංක 1T, කුෂාන් ඉඳුනිල් 1T, චතුර දිල්ශාන් 1T, වොරන් වීරකෝන් 1T, හිරුෂ සම්පත් 2C, රෝහිත රාජපක්ෂ 1C.
  • ගුවන් හමුදා ක්‍රීඩා සමාජය – ලහිරු උදයංග 1T, කෞෂාල් මනුප්‍රිය 1T, පත්මසංක වීරසිංහ 1T, ගයන්ත ඉද්දමල්ගොඩ 1C.

Share with Friends

%d bloggers like this: