Menu Close

ඉන්දීය – නවසීලන්ත පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ තෙවන දිනය අවසන්.

සංචාරක ඉන්දීය කණ්ඩායම සහ නවසීලන්ත කණ්ඩායම අතර පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ තෙවන දිනය අද අවසන් වුණා.

අද දවසට තරගය නතර කරද්දී දෙවන ඉනිම සඳහා පන්දුවට පහරදෙමින් සිටින ඉන්දීය කණ්ඩායම කඩුලු 4 ක් දැවී ලකුණු 144 ක් ලබා සිටියි.

ඉන්දීය කණ්ඩායම පළමු ඉනිම සඳහා සියලු ක්‍රීඩකයින් දැවී ලකුණු 165ක් ලබාගත් අතර ඊට පිළිතුරු ලෙස නවසීලන්ත කණ්ඩායම ලකුණු 348ක් ලබා ගැනීමට සමත් වුණා.

ඒ අනුව ඉන්දීය කණ්ඩායම කඩුලු 06 ක් අතැතිව නවසීලන්ත කණ්ඩායමට වඩා තවත් ලකුණු 39 ක් පිටුපසින් සිටියි.

Share with Friends

%d bloggers like this: