Menu Close

පළමු එක්දින සටනේ ජය ශ්‍රී ලංකාවට.

ශ්‍රී ලංකාව හා බටහිර ඉන්දීය කොදෙව්වන් අතර පැවති පළමු ජාත්‍යන්තර එක්දින තරඟයේ ලකුණු 290ක් ලබා ගනිමින් ශ්‍රී ලංකා කණ්ඩායම ජය හිමිකරගත්තා.

ශ්‍රී ලංකාව වෙනුවෙන් අගනා පිතිහරඹයක නිරත වූ දිමුත් කරුණාරත්න ලකුණු 52ක් ලබාගත් අතර අවිශ්ක ප්‍රනාන්දු ලකුණු 50ක් ලබා සිටියදී දැවී ගියා.

කුසල් ජනිත් ලකුණු 42ක් ලබාගෙන සිටියදී අවාසනාවන්ත ලෙස දැවී ගිය අතර අවසාන පන්දුවාර කිහිපය තුල හුදෙකලා ඉනිමක් ක්‍රීඩාකළ වනිඳු හසරංග ලකුණු 42ක් ලබා ගත්තා.

තිසර පෙරේරා ලකුණු 32ක් රැස්කරගෙන සිටියදී දැවී ගියා.

පළමුව පන්දුවට පහරදුන් කොදෙව් පිල නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුළු 7ක් දැවී ලකුණු 289යි

පන්දුවට පහරදීමේදී කොදෙව් පිල වෙනුවෙන් ෂයි හොප් ලකුණු 115ක් ලබා ගත්තා.

පන්දු යැවීමේදී ඉසුරු උදාන කඩුළු 3ක් ද තිසර පෙරේරා,නුවන් ප්‍රදීප් හා වනිඳු හසරංග විසින් කඩුළු 1ක බැගින් දවා ගත්තා.

Share with Friends

%d bloggers like this: