Menu Close

නාවිකයන්ට නැවතත් වාසනාව හරස් වෙයි.

ඩයලොග් අන්තර් සමාජ ලීග් රග්බි තරගාවලියේ 12 වැනි සතියේ තරග ඊයේ (21) ආරම්භ වුණා. එහි දී පළමු තරගය ලෙස හැව්ලොක් ක්‍රීඩා සමාජය හා නාවික හමුදා ක්‍රීඩා සමාජය හැව්ලොක් පාක් ක්‍රීඩාංගණයේ දී තරග වැදුණා.

තියුණු තරගයකින් අනතුරුව එම තරගය ජයග්‍රහණය කිරීමට හැව්ලොක් ක්‍රීඩා සමාජය සමත්වූයේ ලකුණු 25-18ක් ලෙසින්.

තරගයේ පළමු අර්ධය අවසන් වෙද්දී 11 – 10 ලෙස නාවික හමුදාව ඉදිරියෙන් සිටියා. නමුත් දෙවෙනි අර්ධයේදී ක්‍රියාත්මක වූ හැව්ලොක් ක්‍රීඩකයින් 18 – 25 ක් ලෙස තරගය අවසන් කිරීමට සමත් වුණා.

තරගයේ වීරයා හැව්ලොක් ක්‍රීඩා සමාජයේ සංතුශ් අල්ගම.

ලකුණු ලබාගත් ක්‍රීඩකයන්

  • නාවික හමුදාව: රදීශ සෙනවිරත්න (1T), ගයාන් වික්‍රමරත්න (1T), ඉසුරු කෝන්ගහවත්ත (1C, 2P)
  • හැව්ලොක්: උමේශ් මධුශංක (2T), ශව්කට් ලාහීර් (2T), අස්මීර් ෆජුඩීන් (1T)

Share with Friends

%d bloggers like this: