Menu Close

තේ ප්‍රශ්නය විසඳුනා ද

තේ ප්‍රශ්නය විසඳුනා ද
+++++++++++++++++++
දවස් දෙකක විවේකයකින් පස්සේ ෆේස්බුක් ආව . හැමෝම කතා කරන්නේ තේ ගැන. එයා  බොන්නේ කෝපි . මම ඉතින් කෝපි  හදන්නේ නැති නිසා අපායට යන එකක් නම් නැතිවෙයි. දන්නේ නැති නිසා අහන්නේ චීනෙන් නේ තේ ආවේ තුන්වෙනි ශත වර්ෂයේ , ඉතින් බුදු හාමුදුරුවෝ තේ ගැන කියන්න විධිහක් නැහැ නේද?. හැබැයි ඉතින් අනාගතය දිවසින් බලල කිව්වද දන්නේ නැහැ මෙහෙම,

 “ශ්‍රී ලංකාද්වීපයට ඉංග්‍රීසින් නම් දරුණු යමයන් රැලක් එනු ඇත, ඔවුන් කුඩා ගස් ජාතියක කොළ වලින් හදන ලද තේ නම් දුෂ්ඨ පානයක් හඳුන්වා දෙනු ඇත.එබැවින් පින්වත්නි, කිසියම් බිරිඳක් තම ස්වාමි පුරුෂයා ලවා මේ තේ නම් පානය සාදවා ගන්නිද ඇය සතර තේ අපාවල බොහෝ අපා දුක් විඳ තේ හැළියේ කකෑරී පසු කලෙක තමන්ම තේ සාදා ගෙන බීමේ කර්මය ගෙවීම සඳහාම එංගලන්තය නම් රටක නැවත උපදිනු ඇත. “

එළවළු ගණන් බැහැලද? MCC එක අත්සන් කලාද ? සයින්දමරන්දු – ආ ඒක වැඩක් නැහැ. අරුන් දෙගොල්ල මරා ගන්නවනේ ඒකට . කෝ බන් විමල් 😀

%d bloggers like this: