Menu Close

“කොවිඩ්” නිසා ඔලිම්පික් වලට වෙන දේ ගැන එහි සභාපතිගෙන් පණිවිඩයක්.

ලොව පුරා පැතිර යන කොරෝනා වෛරසය හේතුවෙන් ලොව පුරා සිටින ක්‍රීඩාලෝලී සියලු දෙනාගේම අවධානය යොමුවුණේ මේ වසරේදී ජපානයේ පැවැත්වීමට නියමිත “ගිම්හාන ඔලිම්පික්”උළෙල පිළිබඳවයි.

පැතිරයන කොරෝනා වෛරසය හේතුවෙන් ඔලිම්පික් උළෙලේ දින කල්යාමට වැඩි ඉඩක් පවතී බවට බොහෝ විචාරකයින් පැවසුවා.

නමුත් ඔලිම්පික් කමිටු සභාපතිවරයා විදෙස් මාධ්‍ය වෙත අදහස් දක්වමින් සඳහන් කර ඇත්තේ කිසිඳු ගැටලුවකින් තොරව නියමිත දිනයක් හීදී ඔලිම්පික් උළෙල පැවැත්වෙන බවයි.

මෙවර ඔලිම්පික් ක්‍රීඩා උළෙල ජූලි මස 24 වන දින ආරම්භ වීමට නියමිත අතර එය පුරා දින 17ක් පැවැත්වෙනවා.

නමුත් ක්‍රීඩා උළෙලේ සමාරම්භක උත්සවයට දින දෙකකට පෙර කාන්තා පාපන්දු තරග සහ ඔලිම්පික් ක්‍රීඩා උළෙලට අලුතින් එක්වූ බේස්බෝල් ක්‍රීඩාවට සමාන ක්‍රීඩාවක් වන සැහැල්ලු පන්දු තරග ආරම්භ වීමට නියමිතව තිබෙනවා.

ඔලිම්පික් ක්‍රීඩා උළෙලට අලුතින් එක්වූ ඉසව් සඳහා මුල් දිනවල අවධානය ලබා දී ඇති අතර මෙම වසරේ සිට අලුතින් එක්වූ 3X3 පැසිපන්දු තරග පැවත්වීමට නියමිතයි.

පෙර වසර වලදී ඔලිම්පික් උළෙලයන් තුළදී තම ආධිපත්‍ය පතුරවා තිබූ ජැමෙයිකාවේ හුසේන් බෝල්ට් සහ ඇමරිකානු ජාතික පිහිනුම් ශූරයෙකු වන මයිකල් ෆෙල්ප්ස් වැනි ක්‍රීඩකයන් නොමැති වීම නිසා මෙවර ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ දී නව තරු බිහිවන අතර ඒ කවුරුන්ද යන්න දැක බලාගැනීමට ලොවම පසුවන්නේ දැඩි නොයිවසිල්ලෙන්.

Share with Friends

%d bloggers like this: