Menu Close

ආසියාවේ කලු සිංහයාගෙන් තවත් ලෝක ශූරතා බලාපොරොත්තුවක්.

ඇමෙරිකාවේ පැවැත්වෙන IFBB Pro Arnold Classic Amateur 2020 තරගාවලිය සඳහා ශී‍්‍ර ලංකා කායවර්ධන කී‍්‍රඩක ලූෂන් පුෂ්පරාජ් අද (18) දිවයිනෙන් පිටත්ව යෑමට නියමිතයි.

අදාළ තරගාවලියේදී ලූෂන් පෂුපරාජ් විසින් කිලෝ ග‍්‍රෑම් 100 බර පන්තිය නියෝජනය කරමින් තරග වැදීමට නියමිත අතර IFBB Pro Arnold Classic Amateur 2020 තරගාවලිය සඳහා ශී‍්‍ර ලංකා කී‍්‍රඩකයෙකු සහභාගි වන පළමු අවස්ථාව මෙය වනවා.

ආසියාවේ කලූ සිංහයා ලෙස විරුදාවලිය ලත් ලූෂන් පුෂ්පරාජ් 2018 වසරේදී තායිලන්තයේදී පැවැති 10 වැනි ලෝක ශූරතා කායවර්ධන ශූරතාවලියේදී රටවල් 52ක් අභිබවමින් ශූරතාව දිනා ගැනීමට සමත් වුණා.

ශ්‍රී ලංකාව, ලෝකයේ ඉදිරියේ නැවත වරක් ඔසවා තැබීමට ලූෂන්ට හැකි වේවායි Daily Sports අපි සුභ ප්‍රාර්ථනා කරනවා.

Share with Friends

%d bloggers like this: