Menu Close

එංගලන්ත – දකුණු අප්‍රිකා සටනින් එංගලතයට විශිෂ්ට ජයක්.

එංගලන්තය සහ දකුණු අප්‍රිකාව අතර පැවැති තුන්වන විස්සයි විස්ස තරඟය කඩුලු 05කින් ජයගන්නට එංගලන්ත කණ්ඩායම ඊයේ (16) සමත් වුණා.

ඒ අනුව දෙරට අතර පැවති තරඟ 03කින් සමන්විත විස්සයි විස්ස තරඟාවලිය දෙකට එකක් ලෙස ජය ගන්නට එංගලන්තයට හැකියාව ලැබුණා.

දකුණු අප්‍රිකාවේ සෙන්චූරියන් හිදී පැවැති තරඟයේ පළමුව පන්දුවට පහරදුන් දකුණු අප්‍රිකානු කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුල කඩුලු 06කට ලකුණු 222ක් රැස් කළා.

දකුණු අප්‍රිකානු වෙනුවෙන් හෙන්රිච් ක්ලාසන් පන්දු 33කදී ලකුණු 66ක් රැස්කළ අතර ටෙම්බා බවූමා පන්දු 24කදී රැස්කළ ලකුණු සංඛ්‍යාව 49ක්.

පන්දු යැවීමේදී ටෝම් කරන් සහ බෙන් ස්ටොක් කඩුලු 02 බැගින් බිඳ දැමුවා.

ලකුණු 223ක ඉලක්කයක් හඹායාම සඳහා පිටියට පිවිසි එංගලන්ත කණ්ඩායම පන්දුවාර 19යි එක් පන්දුවක් තුල කඩුලු 05ක් දැවී ලකුණු 226ක් රැස්කරමින් සිය ජයග්‍රහණය තහවුරු කරගත්තා.

එංගලන්තය වෙනුවෙන් ජොනී බේස්ටෝව් ලකුණු 64ක් සහ ජෝෂ් බට්ලර් ලකුණු 57 රැස් කරමින් එංගලන්ත ජයග්‍රහණයට මඟ සැකසුවා.

තරඟයේ අවසන් පන්දුවාරය තුල එංගලන්තය ජයග්‍රහණය කරා රැගෙන ගිය ඉයන් මෝර්ගන් නොදැවී රැස්කළ ලකුණු සංඛ්‍යාව 57ක්.

අවසන් තරඟයේ සහ තරඟාවලියේ වීරයා බවට පත්වුණේ එංගලන්ත නායක ඉයන් මෝර්ගන්.

Share with Friends

%d bloggers like this: