Menu Close

උපුල් තරංගගේ ශතකයත් සමඟ ලංකාවට විශිෂ්ට ජයක්.

සංචාරක කොදෙව් පිළ සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවති පළමු පුහුණු තරඟය කඩුලු දෙකකින් ජය ගන්නට ශ්‍රී ලංකා ක්‍රීඩකයන් සමත්වුණා.

නායක උපුල් තරංග පන්දු 124කදී ලකුණු 120ක් ‍රැස් කරගත්තේ හතරේ පහර 16ක් සහ එක් හයේ පහරකින්.

ලකුණු 64 ක් ලබා ගත් අසේල ගුණරත්න සමඟ එකතුව උපුල් තරඟ අනර්ඝ ලකුණු 198ක සම්බන්ධතාවයක ගොඩ නැගුවා.

පන්දුවට පහර දුන් ශ්‍රී ලංකාව ඕවර 47 පන්දු 3කදී කඩුලු 8ක් දැවී ලකුණු 283ක් රැස් කළා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ කොදෙව්වන් පන්දු වාර 49 පන්දු 4කට සියල්ලන් දැවී රැස් කළේ ලකුණු 282ක් පමණයි.

බ්‍රාවෝ ලකුණු 100ක් සහ ඇම්බ්‍රිස් ලකුණු 41 රැස් කළා.

ඩී මධුසංඛ කඩුලු 3ක් සහ අසිත් ප්‍රනාන්දු කඩුලු 2ක් ලබා ගත්තා.

Share with Friends

%d bloggers like this: