Menu Close

ශ්‍රී ලංකාව පරදවා ද පුහුණු තරගයේ ජය දකුණු අප්‍රිකාව හිමි කරගනී.

ඕස්ට්‍රේලියාවේ පැවැත්වෙන T20 කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පුහුණු තරගයක් අද පැවැත්වුණා.

එගිදී ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම පරදවා ලකුණු 41 ක ජයක් ලැබීමට දකුණු අප්‍රිකානු කාන්තා ක්‍රිකට් කණ්ඩායම සමත්වුණා.

කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදෙන ලෙස දකුණු අප්‍රිකානු කණ්ඩායමට ආරාධනා කළ කළ අතර, ඔවුන් සිය පන්දු වාර විස්ස තුළදී කඩුලු 5 ක් දැවී ලකුණු 146 ක් රැස් කළා.

පිළිතුරු වශයෙන් ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට සිය පන්දු වාර විස්ස තුළදී කඩුලු 8 ක් දැවී රැස් කරගත හැකිවූයේ ලකුණු 105 ක් පමණයි.

මෙවර T 20 කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය නිල වශයෙන් ආරම්භ වන්නේ ලබන 21 වනදා සිඩ්නි නුවරදී. ඒ, ඕස්ට්‍රේලියාව සහ ඉන්දියාව අතර තරගයෙන්.

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම නවසීලන්ත කාන්තා කණ්ඩායම සමඟ 22 වනදා පර්ත් හි පැවැත්වෙන තරගයෙන් මෙවර T20 ලෝක කුසලාන කාන්තා තරගයට පිවිසෙන්න සූදානම්.

Share with Friends

%d bloggers like this: