Menu Close

2020 ඔලිම්පික් උළෙල සැළසුම් කළ පරිදි ටෝකියෝ නුවරදී

2020 ඔලිම්පික් ක්‍රීඩා උළෙල ජපානයේ ටෝකියෝ හිදී සැලසුම් කර ඇති පරිදි පැවැත්වෙන බව ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව පවසනවා.

කොවිඩ් නයින්ටීන් හෙවත් නව කොරෝනා වෛරස ව්‍යාප්තිය හේතුවෙන් ඔලිම්පික් ක්‍රීඩා උළෙල පැවැත්වීම සම්බන්ධයෙන් ගැටලුකාරී තත්වයක් මතුව තිබුණා.

කෙසේ වෙතත් ටෝකියෝහි ඔලිම්පික් කමිටු ප්‍රධානී යොෂිරෝමූරි ප්‍රකාශ කර ඇත්තේ ක්‍රීඩා උළෙල කල් දැමීමට හෝ අවලංගු කිරීමට කිසිදු අවශ්‍යතාවයක් නොමැති බවයි.

කොරෝනා වෛරස ව්‍යාප්තිය සහ ඊට අදාළ කරුණු පිළිබඳ සොයාබැලීම සඳහා ඔලිම්පික් කමිටුව විසින් කාර්යය සාධක බලකායක් ස්ථාපිත කර ඇති බව ද ඔහු කියා සිටියා.

ජපානයේ ටෝකියෝ හිදී පැවැත්වෙන 2020 ඔලිම්පික් ක්‍රීඩාඋළෙල ලබන ජූලි මස 24 වැනිදා නිල වශයෙන් ආරම්භ වීමට නියමිතයි.

Share with Friends

%d bloggers like this: