වැලන්ටයින් ඕනෙද
දූලා ඉන්නවා කියන්නේ
හදවතේ කොනක පුංචි රිදුමක්
හැමදාම තියෙනවා
පුංචි කාලේ තාත්තා ඕනෙමයි
තාත්තා තමයි වීරයා
වැටී වැටී දුවන් එන්නේ
තාත්ත පස්සෙන්
අම්ම කොහොමත් ගෙදර නේ
තාත්ත කරන්නේ මොකද්ද
හොයන එක
ඒ ගොල්ලන්ගේ රාජකාරිය
මම ගෙදර ආවහම
දැන් කට්ටිය ලොකුයි නේ
තරුණ වයසටත් ඇවිත්
එක්කෙනෙක් වෙන රටක
ශිෂ්‍ය හුවමාරුවක් එක්ක
“මම හොඳින්”
එච්චරයි ටෙක්ස්ට් එක
“තාත්ත විනෝද වෙන්න “
උඹ ගෙදර නැතිව පොඩ්ඩි
අපි දෙන්නට තනියි වගේ
අනිත් එක්කෙනා,
“අද මගේ යාළුවෝ එක්ක,
අද සිකුරාදා නේ ලබන සතිය නිවාඩු “
“මමී එක්ක එලියට යන්නේ නැත්ද “
“හොඳ ආපන ශාලා තියනවනේ “
“අද වැලන්ටයින්”
බිරිඳයි මායි හැමදාම වගේ
රූපවාහිනිය ඉස්සරහ
ඒකෙ හොඳ ප්‍රෝග්‍රෑම් යනවා
මතකයි මගේ තාත්තත් දවසක් කීව
හොඳ හින්දි ෆිල්ම් යනවනේ
දැන් ලංකාවේ ටීවී එකේ
ඒ දෙන්නත් එහෙම ඉන්න ඇති
අපි ඔක්කොම බැඳල ගිහින්
තැන් තැන්වල
වැලන්ටයින් උනත් නැතත්
ඔයාට මාව ඉන්නවනේ
මම එයාට කිව්වා
යමු කන්න කොහාට හරි
වියට්නාම් තැන නම් මරු
කොරෝනාව ඔහේ තීච්ච දෙන්
මෙහෙ නයි කන්නේ නැහැනේ
මේ …..
ඔයගොල්ලෝ හිතනවා නම්
ඔයාලා තනියි කියල
එහෙම හිතන්න එපා
ඔයාල ගැන මමත් හිතනවා
තාත්තා නැති නිසා තනි වෙලා ඉන්න
මගේ අම්ම
වගේම ඔයාලත් මගේ හිතේ
කොනක ඉන්නවා
වැලන්ටයින් ඕනෙද
යාලුවෝ ගැන හිතන්න
–අජිත්